දෙවෙනි කොරෝනා පාලනය කරන්න යු.එන්.පියට පුලුවන්

කොරෝනා දෙවැනි රැල්ලෙන් ආරක්ෂා වීමට ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් කොවිඩ් දෙවැනි රැල්ලට මුහුණදීම සඳහා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් නිර්මාණය කළ යුතු බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

කොවිඩ් 19 වැළැක්වීම සඳහා ලෝක බැංකුව ඇතුළු මූල්‍ය ආයතනවලින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 230ක් ලැබුණ බවත් එම මුදල් වලට සිදුවූ දෙය පවසන ලෙසත් ඔහු පැවැසීය.

ඊයේ කොළඹදී පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.“අපි කිව්වා පරීක්ෂා කරන්න කියලා. ඇමෙරිකාවේ තියෙනවා. චීනය කිව්ව වූහාන්වලින් පස්සේ කොරෝනා නෑ කියලා. දැන් බීජන්වලට ඇවිල්ලා. ඇමෙරිකාවේ 125000ක් පමණ නැතිවෙලා.

ඉන්දියාවේ පළමු වටය ආණ්ඩුව පාලනය කළා. දැන් හැමතැනම පැතිරිලා. මගේ චෙන්නායිවල යාළුවෙක් කිව්වා මේක අපායවගේ කියලා.මේ වෛරසය මොකක්ද කියලා දන්නේ නෑ. ලෝක සෞඛ්‍ය සංවිධානය කිව්වේ මේක ඉවරවුණා කියලා හිතන්න එපා කියලා. ඒකයි අපි කියන්නේ පරීක්ෂණ කරන්න කොහෙන්ද ආරම්භ වුණේ කියලා හොයන්න.

මුදල් නෑ කියන්න එපා. මම කිව්වා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයෙන් පස්සේ අපිට ඩොලර් මිලියන 230ක් ලැබුණා කියලා. සෞඛ්‍ය ඇමතිනී කිව්වා නෑ අපිට WHO දුන්නේ ඩොලර් මිලියන 1.9යි කියලා.

මුදල් තියෙන්නේ WHO එකේ නෙමෙයි. ඒ අය හිගන්නේ ඇමෙරිකාව මුදල් කැපුවට පස්සේ. ඒ මුදල් දුනනේ ලෝක බැංකුව අපිටත් ලැබුණා. යුරෝපය දුන්නේ. අපි දැනට හොයාගෙන තිබෙනවා අපි සොයාගෙන තිබෙනවා ඩොලර් මිලියන 200ක්.හරි ගාණ කියන්න. දැන් කෝ ඒ සල්ලි.

ඇයි උපකරණ ගත්තේ නැත්තේ. ඇයි මේ පරීක්ෂා කරන්නේ නැත්තේ. දැන් අපි ලෑස්ති වෙන්න ඕන. කොරෝනා වලින් බේරෙන්න ඕන. ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා දෙවැනි වටයේ කොරෝනා එන එක නවත්වන්න ක්‍රියාකරන්න.අපි කෝරෝනා වලින් ආරක්ෂා වෙලා මේ ආණ්ඩුව අයින් කරලා. කොරෝනා පාලනය කරන ක්‍රමයක් අපි ඇති කරමු.”

Next Post

ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් ජනතාව පෙරමුණට

Thu Jul 2 , 2020
ලෝක කුසළානය පාවාදුන්නේ යැයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද කියූ පටු දේශපාලන කතාවට විරෝධය පාමින් මේ වන විට විශාල පිරිසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපිටට රැස්වී උද්ඝෝෂනයක නිරත වේ. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එම ලෝක කුසලාන […]