ICC සභාපතිධුරය භාර ගන්නේ නැහැ – සංගක්කාර කියයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පැය 09 කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඉන් පිටව ගියා.සිය ප්‍රකාශය ලබා දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කුමාර් සංගක්කාර කියා සිටියේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශයේ ඇත්ත නැත්ත ගැන දැනට සිදුකරගෙන යන විමර්ශන වලින් පසු තහවුරු වෙනු ඇති බවයි.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කුමාර් සංගක්කාර කියා සිටියේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිධුරය දැරීමට තමන් මේ මොහොතේදී සුදානම් නොමැති බවයි. තමන් භාරගත් වගකීම් කොටසක් ඇති බව පැවසූ ඔහු එය සියල්ලට පෙර ඉටුකල යුතු බවද කියා සිටියා.

2011 ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගය පාවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මේ වන විට ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කොට තිබුණා.

මිට අමතරව 2019 වර්ෂයේදී සංශෝධනය කරන ලද නව ක්‍රීඩා පනත යටතේ යම් ක්‍රීඩකයෙකුට හෝ කණ්ඩායමකට අසත්‍ය චෝදනා කරන අයෙකු මේ පනත යටතේ වැරදිකරුවෙකු වෙයි. ඒ අනුව ලක්ෂයකට වැඩි නොවන දඩයක් හා අවුරුදු තුනක් නොඉක්මන කාලයකට බන්ධනාගාර ගත කිරීමට යටත් වේ.එම පනත පහතින්

Next Post

අරවින්ද ක්‍රිකට් ගහපු හැටි ගැන උපුල් චන්දන කියයි

Thu Jul 2 , 2020
අතීතයේදී වූ සොඳුරු මතකයන් ගෙන හැර දක්වන්නේ, එදා ලෝක ශූර කණ්ඩායමේ හිටපු උපුල් චන්දනය.එදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටිමින්, පන්දු රැකීම, පන්දු යැවීම, පන්දුවට පහර දීම යන සෑම අංශයකින්ම දක්‍ෂතා පෙන් වූ නිසාම, උපුල් චන්දන කණ්ඩායමට නැතුවම බැරි ක්‍රීඩකයකු වීය. ක්‍රිකට් ලෝලී ඔබ ආදරය කරන මේ ප්‍රවීණයාගේ අද දවසේ කටයුතු […]