රට විරුවන්ට සුබසාධන වැඩක් දැන්ම ලියාපදිංචි වෙන්න මෙන්න

විදේශ රැකියාවල නිරත වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ඉදිරි සුබසාධන කටයුතු සැලසුම් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තොරතුරු සංගණනයක් ආරම්භ කර ඇ​ත.

මෙම තොරතුරු යාවත්කාලීන කිරීමේ අරමුණ වන්නේ විගමණික ශ්‍රමිකයන්ගේ සුබසාධන කටයුතු හා ඔවුන් වෙනුවෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරෝත්තු වන සියලු කටයුතු ක්‍රමවත් කිරීම බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියේ ඇති අයදුම්පත මාර්ගගත ක්‍රමයෙන් පුරවා යොමු කරන ලෙස විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාවගෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටියි.

මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගැනීම සඳහා 011-2866002 දුරකථන අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අංශය අමතන ලෙස ඉල්ලා සිටියි.

ලොවපුරා හදිසියේ පැතිර ගිය කොරෝනා වසංගත රෝග තත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විවිධ රටවල රැදී සිට , මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්ට හිමි තීරු බදු රහිත භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී පැවති බවත් , එහෙත් ඔවුන්ට එම අවස්ථාව යළි උදා කර දෙන බවත් සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

මේ ආකාරයට මේ වනවිට විවිධ රටවල රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 13,000 ක තරම් ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කර ඇති බවත් , ඒ වනවිට පැවති තත්ත්වයන් යටතේ ඔවුන්ට තීරු බදු රහිතව භාණ්ඩ මිලදී ගැනීමේ අවස්ථාව අහිමි වී ගොස් තිබූ බවත් සභාපතිවරයා පැවසීය .

දිනකට 100 බැගින් මේ ආකාරයට ශ්‍රී ලංකාවට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගීන් කැදවා ගුවන් තොටුපළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව ඔවුන්ට උදා කර දෙන බව ද සභාපතිවරයා පැවසීය .

මෙම වැඩසටහන ගුවන් තොටුපළ බලධාරීන් , ශ්‍රී ලංකා රේගුව , ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව සංවිධානය කරන වැඩසටහනක් බවත් , එසේ මෙරටට පැමිණ සිටින ශ්‍රී ලාංකික ගුවන් මගීන් මේ සදහා තම නීරෝධායන කටයුතු නිමා කළ බවට සෞඛ්‍ය බලධාරීන් නිකුත් කරන සහතිකය , ගුවන් ගමන් බලපත්‍රය ඇතුළු තවත් ලිපි ලේඛන කීපයක් ගුවන් තොටුපළ වෙත ඉදිරිපත් කළ යුතු බව ද ගුවන් තොටුපළ සභාපති ජී.ඒ.චන්ද්‍රසිරි මහතා පැවසීය .

කෙසේ වෙතත් මේ පිළිබඳව සවිස්තරාත්මක මාධ්‍ය නිවේදනයක් ඉදිරි දින කීපය ඇතුළත ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ නිකුත් කරන බවත් චන්ද්‍රසිරි මහතා වැඩිදුරටත් පැවසීය .

Next Post

රාජකාරිය හරියට කරන්න - කවුරුන් හෝ බාධා කරනවා නම් මට කියන්න..

Wed Jul 1 , 2020
පොලිස් බල ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන පා තා ල සහ අනෙකුත් සමාජ විෂමාචාර ක‍්‍රියාකාරකම් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීමට මාස දෙකකට අධික කාලයක් ගත වුවත් එය මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් සොයා බලන ලෙසට ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ‍්‍රාමික) කමල් ගුණරත්න මහතා වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතාට උපදෙස් දී තිබේ. ආරක්‍ෂක අමාත්‍යාංශය ඒ ඒ පොලිස් […]