අල්ලපු රටේ නිපදවූ කොවැක්සින් සියල්ලට ඉදිරියෙන්

ඉන්දියාවේ දේශීයව නිපදවන ලද පළමු කොරෝනා වයිරස එන්නත එරට ස්වේච්ඡා සේවකයින්ට ජූලි මාසයේදී ලබා දීමට සැලසුම් කර ඇත හයිඩ්‍රාබාද්හි පිහිටි බාරත් බයෝටෙක් සමාගම විසින් මෙම අත්හදාබැලීම සිදුකරන අතර තෝරාගත් පුද්ගලයින් ගණනාවකට එන්නත ලබාදීමට නියමිතව තිබේ.

පළමු පියවර ලෙස එන්නත සතුන්ට ලබාදී ඇති අතර එය ආරක්ෂිත සහ ප්‍රථිඵලදායි ප්‍රතිශක්තීකරණයක් ඇති කළ හෙයින් මානව අත්හදා බැලීම් සඳහා අවසර ලබාදුන් බව ඉන්දීය බලධාරීහු පවසති.

කොවැක්සින් නම් මෙම එන්නත නිපදවීම සඳහා රසායනාගාර තත්ත්ව යටතේ දුර්වල කරන ලද දේශීය කොරෝනා වයිරස යොදාගෙන ඇත.

ඉන්දියාවේ ජාතික වයිරස විද්‍යා ආයතනය සහ ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය එක්ව සිදුකරන ලද පර්යේෂණ වල ප්‍රථිපලයක් ලෙස එන්නත නිපදවා තිබේ.

බාරත් බයෝටෙක් සමාගම ලොව පුරා එන්නත් මාත්‍රා බිලියන හතරකට වැඩි ප්‍රමාණයක් බෙදාහැර ඇති අතර H1N1 සහ රොටාවයිරස් සඳහා එන්නත් සකස් කිරීමට දායකත්වය ලබාදී ඇත.

කොරෝනා වයිරසය සඳහා එන්නත් අත්හදා බැලීම් ලොව පුරා ක්‍රියාත්මකව පවතින අතර මේ වනවිට එන්නත් වැඩසටහන් 120ක් පමණ සක්‍රීයව පවතී.

Next Post

කරුණාට ආයෙත් වැඩ වරදියි

Tue Jun 30 , 2020
අරන්තලාවේදී භික්‍ෂු වහන්සේලා 31 නමක් අපවත් කිරීමට සම්බන්ධවී දැනට ජීවතුන් අතර සිටින කොටි සාමාජිකයින්ට එරෙහිව වහාම පරීක්‍ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් එම භික්‍ෂු වහන්සේලා අතර සිට දිවි ගලවා ගත් භික්‍ෂු වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධි කරණයට අද (30) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ. මෙම සිදුවීමෙන් තමන්ට සිදුවු හානි සඳහා රුපියල් කෝටි දෙකක වන්දියක් ලබාදෙන්නැයිද […]