ලක්ශ 5කට ජීවිත අහිමි කරමින් කෝටියක් ලෙඩ කරපු කොරෝනාට අදට මාස 6යි – ලෝක සෞඛ්‍ය සංවිධානය දැන් කියන දේ මෙන්න

ලෝක සෞඛ්‍ය සංවිධානයට චීනයේ හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයක් පිළිබඳ වාර්තා ලැබී අදට මාස හයක් ගත වන බවත්, පසුව නව කොරෝනා වෛරසය ලෙස හඳුනාගත් එය ලොව පුරා ආසාදිතයන් හා මරණ ඇතිකර තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.

ජිනීවා නුවර ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවේදී ටෙඩ්‍රොස් පැවසුවේ මේ වසංගතය අවසන් වීමට ආසන්න නොමැති බවයි.

“වෛරසය පැතිර යාමේ මාස හයේ සංවත්සරය සනිටුහන් වනවිට ලොව පුරා මිලියන 10කට වෛරසය ආසාදනය වෙලා. ඒ වගේම මරණ 500,000ක් සමග එය සමපාත වෙලා” ටෙඩ්‍රොස් පැවසීය.

“අප සියලු දෙනා අප ලබා ඇති ප්‍රගතිය සහ අප ඉගෙන ගත් පාඩම් ගැන මෙනෙහි කිරීමටත්, ජීවිත බේරා ගැනීම සඳහා අපට හැකි සෑම දෙයක්ම කිරීමට අපව නැවත යොමු කිරීමටත් මෙය අවස්ථාවක් කරගත යුතුයි” ටෙඩ්‍රොස් පෙන්වා දුන්නේය.

“මාස හයකට පෙර, මේ නව කොරෝනා වෛරසයෙන් අපේ ලෝකය සහ අපගේ ජීවිත මේ ආකාරයේ නොසන්සුන්තාවකට පත්කරනු ඇතිදැයි අප කිසිවෙකුටත් සිතාගත නොහැකි වුණා.” අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Next Post

නව රාජ්‍ය සහ පෞද්ගලික කාර්යාල වේලාවන් මෙන්න - පෞද්ගලික අංශ අයට වැඩි බරක්...

Tue Jun 30 , 2020
කොවිඩ් 19 වසංගත තත්ත්වය වළක්වා ගැනීම සඳහා සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, හා මාර්ග තදබදය වලක්වා ගැනීම හා රාජ්‍ය හා පුද්ගලික සේවය කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම අරමුණු ඇතිව පුද්ගලික හා රාජ්‍ය අංශයන්හි කාර්යාල ආරම්භ කරන හා අවසන් කරන වේලාවන් සංශෝධනයට කිරීමට රජය විසින් තීරණය කර තිබේ. ජනාධිපතිතුමන් විසින් දී ඇති උපදෙස් පරිදි […]