කරුණාට ආයෙත් වැඩ වරදියි

අරන්තලාවේදී භික්‍ෂු වහන්සේලා 31 නමක් අපවත් කිරීමට සම්බන්ධවී දැනට ජීවතුන් අතර සිටින කොටි සාමාජිකයින්ට එරෙහිව වහාම පරීක්‍ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් එම භික්‍ෂු වහන්සේලා අතර සිට දිවි ගලවා ගත් භික්‍ෂු වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධි කරණයට අද (30) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

මෙම සිදුවීමෙන් තමන්ට සිදුවු හානි සඳහා රුපියල් කෝටි දෙකක වන්දියක් ලබාදෙන්නැයිද පෙත්සම්කාර ආදා උල්පත බුද්ධසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.ආදා උල්පත බුද්ධසාර හිමියන් ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂකවරයා නම් කොට ඇත.

1987 වසරේ ජූලි මස 02 වනදා කොටි විසින් අරන්තලාව ප‍්‍රදේශයේදී එල්ල කළ ප්‍රහා රයකින් භික්ෂූන් වහන්සේලා 31 නමක් අපවත් වී තවත් සිවිල් වැසියන් පිරිසක් ද මිය ගිය බව පෙත්සම්කාර බුද්ධසාර හිමියන් සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.

එම සිදුවීමෙන් අපවත් වු භික්ෂූන් වහන්සේලා 31 නම සමඟ තමන්ද සිටි බවත් මෙම සිදුවීමෙන් තමන්ට බරපතල තුවාල සිදුවු නමුත් තමන්ගේ ජීවිතය බේරුණු බවත් සඳහන් කරන පෙත්සම්කාර ආදා උල්පත බුද්ධසාර හිමියන් මෙයට සම්බන්ධවු කොටි සාමාජිකයින් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින නමුත් ඔවුන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවද අධිකරණයට පෙන්වා දුන්හ.

එහෙයින් මෙම සිදුවීමට සම්බන්ධවී තවමත් ජීවතුන් අතර සිටින කොටි සාමාජිකයින්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින උන්වහන්සේ මෙම සිදුවීමෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම හේතූවෙන් තමන්ට රුපියල් කෝටි දෙකක වන්දියක් අයකර දෙන්නැයිද ඉල්ලා සිටිති.

Next Post

තමන්ගෙන් වරදක් වුණු බව කාදිනල් හිමි මට කිව්වා - ජනාධිපතිවරණයට බලපෑමක් වුණ හැටි හරින් හෙළිකරයි

Tue Jun 30 , 2020
තමන් වහන්සේගෙන් වරදක් සිදුවූ බවත්, ඇතැම් ප්‍රකාශ තුළින් මැතිවරණයට බලපෑමක් වුණ බවත් කාදිනල් හිමියන් තමා සමග පැවැසූ බව හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු පැවැසීය. ඔහු මේ බව පැවසුවේ නිට්ටඹුව පස්යාල ප්‍රදේශයේ පෙරේදා (28 වැනිදා) ජන හමුවක් අමතමිනි. ඔහු මෙසේද පැවැසීය. ‘‘මම බය නැතිව කියනවා අප්‍රේල් 21 පාස්කු සිදුවීම මේ ආණ්ඩුවේ සැලසුමක්. […]

Breaking News