ඉතාලී ජාතිකයා ශ්‍රී ලාංකික පෙම්වතිය සමඟ හෝටලේදී

තමාගේ ශ්‍රී ලාංකික පෙම්වතිය සමග මිතුරු වී හෝටලයකට පැමිණි ඉතාලි ජාතිකයෙකුට පහ රදී ම සම්බන්ධයෙන් වරද පිළිගත් එංගලන්ත ජාතිකයෙකුට මාස හයක ලිහිල් වැඩ සහිත සි ර දඬුවමක් සහ රුපියල් දහසක දඩයක් ද පැමිණිලිකරුට රුපියල් 20,000ක වන්දියක්ද ගෙවීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (29) නියෝග කළේය.

සි ර දඬු වම වසර පහකට අත්හිටවු මහේස්ත්‍රාත්වරයා විත්තිකරුගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට නියෝග කළේය.

දඩය නොගෙවන්නේ නම් තවත් එක් මාසයක ලිහිල් වැඩ සහිත සි ර දඬුවමක්ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සි ර දඬුවමක්ද විත්තිකරුට නියමවිය.

මෙසේ දඩුවම් නියම වුයේ එංගලන්ත ජාතික ඩැනියල් ජෝර්ජ් ලෝව්ස් (Daniel George Lomas.)නමැති විත්ති කරුවෙකුටය.

විත්ති කරු අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිංහල තරුණියක් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇති බවත් එසේ සිටියදි පැමිණිලි කරු වන (Luna Montolli)ඉතාලි ජාතික ලූනා මොන්ටෝලි නමැති අය සමග එම තරුණිය සම්බන්ධයක් ඇතිකර ගෙන මාර්තු 8වන දින උණවටුනේ හෝටලයකට පැමිණ මත්පැන් පානය කරමින් සිටියදි ඇයගේ පෙම්වතා වූ විත්ති කරුද එයට යාබද මේසයේ මත්පැන් පානය කරමින් සිට ඇති බවත් පසුව ඇතිවු ආරවුලකදි විත්ති කරු පැමිණ පැමිණිලි කරුට පහරදි ඇති බවත් පොලිසිය කියා සිටියේය.

හබරාදුව පොලිසියේ උප පොලිස් පරීක්ෂක විමල් මහතා පැමිණිල්ල මෙහෙයවු අතර විත්ති කරු වෙනුවෙන් නීතිඥ දසුන් තරංග මාවඩවිල මහතා පෙනී සිටියේය.

Next Post

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා දුක් විද හම්බකරපු සල්ලි වලට සුපිරි ගේමක් දුන්න අයට වැඩ වැරදුන හැටි

Mon Jun 29 , 2020
සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත හරහා දැන්වීම් පළකරමින් නිවාස ඉදිකර දෙන බව පවසා හයකෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු ජූලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සිකුරාදා (26වැනිදා) නියම කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලොයිඩ් කෝලිත මහලියන නමැති වැල්ලවත්ත ප්‍රදේශයේ අංක 27/59 […]