පොහොට්ටුවේ හිටපු ඇමති දෙදෙනෙක් නුවර හෝටලයක නටපු නාඩගම

පොහොට්ටුවේ නුවර දේශපාලන කටයුතු සම්බන්ධව සැලසුම් කිරිම සඳහා පෙරේදා සවස (25) නුවර මහවැලි රීච් හෝලටලයේ සංවිධානය කර තිබූ ප්‍රධානීන්ගේ සාකච්ඡාවේදී මහින්දානන්ද අලුත්ගමගේ සහ දිලුම් අමුණුගම අතර ඇති වූ ගැටුමක් ජීවිත හානි සිදු නොවී අනූ නවයෙන් බේරාගෙන ඇති බව වාර්තා වේ.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.මධු විත පාවිච්චි කරමින් මෙම සාකච්ඡාව ගෙනියන අතරවාරයේ දි මහින්දානන්ද අලුත්ගමගේ දිලුම අමුණුගමගේ යම් යම් හැසිරීම් සම්බන්ධව චෝදනා එල්ල කර තිබේ. 

මේ අවස්ථාවේ දිලුම් අමුණුගම පවසා ඇත්තේ ජාත්‍යන්තරව රට අපකීර්තියට පත් කර අගමැති තුමාගෙනුත් බැනුම් ඇසුවේ මහින්දානන්ද බවය. එහෙම එකෙකුගෙන් බණ අහන්නට සූදානම් නැති බවය.

ඉන් කෝපයට පත් මහින්දානන්ද දිලුම් අමුණුගමට බැණ වදිද්දී දිලුම් අමුණුගම නැගට මහින්දානන්දට වැරෙන් පහර දී ඇත. අනතුරුව දෙදෙනා දැවැන්ත ගුටි කෙළියක පැටලී තිබේ. බිම පෙරළී පෙරළී ගුටි බැට හුවමාරු කරගන්නා අතර දිලුම් අමුණුගම තම ගිනි අවිය ආරක්ෂකයන්ගෙන් රැගෙන මහිනදානන්ද දෙසට එල්ල කර තිබේ. 

දිළුම් අමුණුගම බීමතින් හැසිරෙන විකල් ආකරය ගැන දන්නා ආරක්ෂකයන් කල් තියාම මෙම ගිනි අවියේ උණ්ඩ ඉවත් කර තබා ඇත. එය දැනගත් දිලුම් ආරක්ෂකයන්ට ද කුණු හරපයෙන් බැණ වැදී ගිනි අවිය පොලොවේ ගසා බඩු මුට්ටු කුඩු කරන්නට සැරසෙන අවස්ථාවේ සියලු දෙනා එකතු වී මහත් පරිශ්‍රමයෙන් ඔහුව පාලනය කර තිබේ. වාර්තාවන පරිදි මෙම ගැටුම විනාඩි 20ක් පමණ ඇදී ගොස් තිබේ.

මේ සම්බන්ධව අගමැතිවරයා හා ජනාධිපතිවරයා දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාටත් ඒ අවස්ථාවට සහභාගී වූ සියල්ලන්ටත් දැඩිව අවවාද කර ඇති බව වාර්තා වේ.

නමුත් මේ පුවත අසත්‍ය බව දිලුම් අමුණුගම මහතා තම ෆේස්බුක් ගිණුමේ පළකර ඇති නමුත් මේ පුවත අද දින පලකෙරුනු දිවයින සහ විමල් විරවංශ අමාත්‍යවරයාට අයත් ලංකා සි නිව්ස් වෙබ් අඩවි වාර්තා කර තිබුනේ මෙසේය

Next Post

කොළඹ වරායේ හොඳම කොටස ඉන්දියාවට

Mon Jun 29 , 2020
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් එයට විරෝධය දක්වන බවත් සඳහන් කරමින් වරාය සේවකයන් ඊයේ (29දා) කොළඹ වරාය පරිශ්‍රයේදී විරෝධතාවක් පැවැත්වීය. ඔවුන් මෙසේ විරෝධතාව පැවැත්වූයේ දෙවැනි අවස්ථාවටය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය යනු ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයිති ගැඹුරුම පර්යන්තය වෙයි. මෙම පර්යන්තය තුළ විශාල ප්‍රමාණයේ නෞකා පහසුවෙන් […]