මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා දුක් විද හම්බකරපු සල්ලි වලට සුපිරි ගේමක් දුන්න අයට වැඩ වැරදුන හැටි

සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත හරහා දැන්වීම් පළකරමින් නිවාස ඉදිකර දෙන බව පවසා හයකෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු ජූලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සිකුරාදා (26වැනිදා) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලොයිඩ් කෝලිත මහලියන නමැති වැල්ලවත්ත ප්‍රදේශයේ අංක 27/59 පැරකුම් මාවතේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු අංක 188, වේරහැර බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රිමියර් බිල්ඩර්ස් ඉන්ජිනියරින් නමින් ආයතනක් පිහිටුවා මුහුණු පොත හරහා දැන්වීම් පල කරමින් නිවාස සාදා දෙන බව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුලා කර මෙම මුදල් ලබා ගැනීම සිදුකර තිබේ.

මේ වංචාකරු පිලිබදව නිවසක් තනාගැනීමට ගොස් මුදල් අහිමිව ගිය තැනැත්තියක් විසින් සමාජ ජාල වල තබා තිබු සටහනක් පහතින්

මේ ඉන්නේ ලොයිඩ් කොලිත මහලියන කියන පට්ට හොරා, බොරලැස්ගමුව වේරහැර, no 188 කියන තැන Premier Builders & Engineering කියා හොර ගුහාවක් දාගන මිනිස්සුන්ගෙන් ලක්ශ ගනන් සල්ලි එලිපිටම මන්කොල්ල කමින් සිටින හොරෙක්. පොලීසියට ගියට වැඩක් නැහැ. පොලීසියෙන් කියනව ඇතුලට දාන්න තරම් පොලිසියට නිතියෙන් බලයක් නැහැ කියලා. මු නිතියත් එක්ක සෙල්ලම් කර කර දැනටත් මිනිස්සු මුලා කර කර සල්ලි එලිපිටම මංකොල්ල කමින් සිටී.

මොහු සමග මදුර නමින් පෙනි සිටිනා තවත් හොරෙක් ඇත.මුන්ගේ බොරුවලට මිනිස්සු ඉතා ඉක්මනින් හසුවෙයි මුන්ට ඒ තරමට පලපුරුද්දක් ඇත. සමහරු තාම උසාවි ගානේ නඩු කියමින් ඇත. මීලග උසවි දිනය අප්‍රේල් 24. මොහු නිසා ජිවිතය අහිමි කරගත් අයද සිටි. සිවිල් නඩුවක් කිව්වත් මූට විරුද්දව අපගේ මුදල් අය කරගැනීමට විදියක් නැත.

මොහුගේ නමින් මොහු කිසිදු දේපලක් රැස්කරගන නැත. ඉතින් හොදම දෙය අප දැනුවත් වී තව කෙනෙක් මෙ හොරාට අහුවෙන එක වලක්වන එක. ගොඩ දෙනෙක් මේ හොරාට අහුවෙලා අන්ත අසරන වෙලා හුල්ල හුල්ල ඉන්නේ කරගන්නම දෙයක් නැති කමට. ගෙවල් හදන්න ලක්ශ 20ක් 30ක් සල්ලි අරගන අත්තිවාරම දමා බිත්ති බාගෙට බැද සේවකයන් නැතැයි කියා වැඩ නවත්වා දමයි. පසුව ඉතිරි මුදල් නොදී එවා ඉල්ලුවිට මරන තර්ජන කරමින් අපහට බැනවදින්නේ අප විසින් ඔහුට මුදල් දීමට ඇති ආකාරයෙනි.

මොහුට දැනටත් නුගේගොඩ, ගන්ගොඩවිල උසාවියේ මේවැනි සොරකම් සම්බන්දව නඩු ඇත, මීලග උසවි දිනය අප්‍රේල් 24. තවද ඉදිකිරිම් කරනා නිවසට බඩුගන්නා හාඩ්වෙයාර් වලට පවා මොහු පොලු තබා ඇත. අප විසින් දුක් මහන්සියෙන් උපයගේන එම මුදල නිවසක් තනා ගැනිමට මොහුට ලබා දුන් විට මොහු එම මුදලින් කැසිනො , රාත්‍රි සමජ ශාලා වෙත ගොස් ආතල් ගනි.

Premier Builders & Engineering හෙට වෙන නමකින් පටන් ගන්න ඉඩ ප්‍රස්ථාව තිබෙන නිසා. නම වෙනස් උනත් මේකගේ Photo එක save කරලා තියාගන්න, මූ පට්ටම හොරේක් ඉදිරියේදි ඔබ පරිස්සම් වෙන්න. කරුණාකර මේ පොස්ට් එක පුලුවන් තරම් share කරන්න. නීතියෙන් සරනක් නැත අපි දැනුවත් වෙමු….

Next Post

මීලග අගමැති පොලොන්නරුවෙන් - පෝස්ටර් හැමතැනම

Mon Jun 29 , 2020
ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකඟතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෛත්‍රීපාල සිරිසේන මහතා […]

Breaking News