ප්‍රවීණ ප්‍රහසන ශිල්පී බර්ටි ගුණතිලක මහතා සහ සිනමා නිළි යශෝධා විමලධර්ම ගැන සමාජ මාධ්‍ය තුළ අසත්‍ය පුවත් සරණය වීමට පටන්ගෙන තිබේ. 95 වියැති බර්ටි ගුණතිලක කලාකරු මියගොස් ඇති බවට පැතිර ඇති ආරංචිය අසත්‍යයක් බව ඔහුගේ මුණුබුරකු වන ශෙහාන් ගුණතිලක තහවුරු කර තිබේ.
මහනුවර උපන් බර්ටි ගුණතිලක නම් මෙම රංගන ශිල්පියා මහනුවර සංඝරාජ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කුලියාපිටිය ගල්පොල විද්‍යාලයේ උපගුරුවරයකු ලෙස සේවය ආරම්භ කළේය. ඉන්පසු සිංහල බෞද්ධයා පත්‍රයේ සෝදුපත් කියවන්නෙකු හා 1953 ජනතා පුවත්පත් බෙදා හැරීම් අංශයේ සේවය කර තිබේ.
1954 වර්ෂයේ දී එච්.ඞී. විජයදාස මහතා විසින් ගුවන් විදුලියේ ආරම්භ කළ විහිළු තහළු වැඩසටහනට ඇනස්ලි, සැමුවෙල් සමග ඔහු මුලින්ම දායක වූ අතර පසුකාලීනව වරින් වර ගැමුණු විජේසූරිය, ජෝෂප් සෙනෙවිරත්න, ඇල්ෆ්රඞ් පෙරේරා ද පසු කලක දී මර්සි එදිරිසිංහ සමග ද එකතු වූයේය.
මේ අතර යශෝධා විමලධර්ම හොලිවුඩයේ වෝක් ඔෆ් ෆේම් තරු නාමාවලියට ඇතුළත්වී ඇති බවටත් ඇය ඇගේ නම සහිත තාරුකා ලාංඡනය සමග ඡායාරූප වලට පෙනී සිටි බවටත් ආරංචියක් පළව තිබේ.එහි සත්‍ය තත්වය නම් එවැනි ඡායාරූප ලබාගැනීම එම පෙදෙසේ සංචාරය කරන අයට සුළු මුදලක් ගෙවා සිහිවටනයක් ලෙස ලබාදෙන අවස්ථාවක් වීමය.
මීට වසර කිහිපයකට පෙර යශෝධා එම ප්‍රදේශයේ සංචාරයක නිරතවූ අවස්ථාවක මතක සිහිවටනයක් ලෙස එම අවස්ථාවට අදාළ ඡායාරූප ලබාගෙන තිබී ඇත.එම ඡායාරූප සමාජ මාධ්‍ය තුළ සංසරණය වී ඇත්තේ වෙනත් අරුථකිනි.