මෛත්‍රී සහ ඔහුගේ පිරිසට ජන්දය දෙන්න එපා – කිසිම කොන්දේසි ගිවිසුම් නැ – පොහොට්ටුවේ විශේෂ නිවේදනය මෙන්න

පසුගිය ජනාධිපතිවරණයේදී සියයට 51 ක් ගතයුතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇතිකරගත් නමුත් එම සන්ධානයේ කොන්දේසි කිසිවක් නොමැති අතර මෛත්‍රීට හෝ එහි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙනවයි කියා නොමැති බවත් මෙවර මැතිවරණයේදී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට හෝ ඡන්දයක් නොදෙන ලෙස තමන් ඉල්ලා සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ගම්පහ පැවති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය,” මෙම මැතිවරණයේදී අපි විශිෂ්ඨ ජයග්‍රහණයක් කළ යුතුයි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසන 13 ක් පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතුයි. අද වනවිට එක්සත් ජාතික පාක්ෂිකයින්ට දේශපාලනය කරන්න බැරි තත්ත්වයක් උදාවී තිබෙනවා. ඒ අය බලාපොරොත්තුවෙන් ඉන්නව අපි සමග එකතු වෙන්න. ඒ අයට ආරාධනා කරන්න අපිත් එක්ක අත්වැල් බැඳගන්නයි කියල.

අපේ නායකයා අගමැති වෙනව වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා අද වනවිට ජාතික නායකයෙකු බවට පත් වෙලා තිබෙනවා. පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාම ගරු කරන ජාතික නායකයෙකු බවට ගෝඨාභය රාජපක්ෂ මහතා පත්ව සිටිනවා. විශේෂයෙන්ම කොරෝනා වසංගතය ලෝකය පුරා යනවිට එය පාලනය කළ ආකාරය පිළිබඳව රටේ බොහෝ දෙනාගේ ගෞරවයට පාත්‍ර වී තිබෙනවා .

ඒවාගේම එම අවස්ථාවේ දී පක්ෂ භේදයකින් තොරව සෑම අයෙකුටම රුපියල් පන්දාහ බැගින් ලබාදීමට කටයුතු කරනු ලැබූව. ඒ පිළිබඳවත් රටේ ජනතාවගේ ලොකු ගෞරවයක් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනතාව අපි සමග කතා කරනවා.

මම එදා කිව්වෙත් එකයි . අද කියන්නෙත් එකයි . ඒවෙන දෙයක් නෙවෙයි, මෛත්‍රිපාල සිරිසේනට ගෑවිච්ච කෙනෙකුටවත් ඡන්දය දෙන්න එපාය කියල මම කියනව. පසුගිය ජනාධිපතිවරණයේදී සියයට පනස් එකක් ගතයුතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග අපි සන්ධානයක් හැදුවා. සන්ධානයක් ගැහුවට එහි කොන්දේසි මොකුත් නැහැ. සමහරු අහනව මෛත්‍රීට ඇමතිකමක් දෙනවද කියල. එහෙම මොකුත් නැහැ.

ඒ පත් වන මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙනවයි කියලත් නැහැ. ඒ නිසා අපේ ඡන්ද පදනම් කරගෙන අපිට මන්ත්‍රීවරුන් 150 දෙනෙකු පත්වන විට එම එකසිය පනහම මහින්ද රාජපක්ෂ මහතා දාල යන්නෙ නැති මහින්ද මහත්තයව ආරක්ෂා කරපු , ඉදිරියටත් මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ මහත්වරුන් සමඟ වැඩ කරන්න පුලුවන් එකසිය පනහක් පත් කර ගැනීමයි අපේ අභියෝගය”

උපුටාගැනීම අද පුවත් පතින්

Next Post

අවුරුදු 4ක් කට්ට කාලා Discovery ගිය අපේ කොල්ලෙක්ගේ වැඩක් - ලොව පුරා වැඩිදෙනෙක් නැරඹූ අපේ රටේ ලස්සන මෙන්න

Sun Jun 28 , 2020
අපි ‌බොහෝ දෙනා පරිසර වාර්තා වැඩසටහන් නැරඹීමට කැමැත්තෙමු. ඒ වෙනුවෙන් ලොව ප්‍රකට නාළිකාවක් වන්නේ Discovery චැනලයයි. එහෙත් ඩිස්කවරි නාළිකාවේ නිරන්තර අප දකින්නේ විදේශිකයන් විසින් රූගත කරන ලද විදේශයන්හි ස්වභාව සෞන්දර්යය මිස අපේ රටේ ඒවා නොවේ. මෑතකදී අපේ රටේ සතුන් පිළිබඳ වාර්තාවක් එහි විකාශය විය. එය Wild Sri Lanka – Realm […]

Breaking News