ඇඳන් කාඩ්බෝඩ් – වෛද්‍යවරුන් 400 සේවයේ මොහොතින් විනාශ කළ හැකි ලෝකයේ විශාලතම කොරෝනා රෝහල

කොවිඞ්- 19 වසංගත රෝග තත්ත්වයේ ධාරිතාවය ඉහළ යන කාලවකවානුවක් ගැන කිසිදු රටකට අනාවැකි සඳහන් කළ නොහැකිය. මේ නිසා සෑම රටක්ම පාහේ කොවිඞ්- 19 ධාරිතාවයට මුහුණ දීම වෙනුවෙන් තම රට අභ්‍යන්තරයේ ම සැලසුම් සකස්කර ගැනීමට සූදානම්ව සිටීම වඩාත් ආරක්ෂිත පියවරක් ලෙස සැලකේ.

නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සඳහන් කරන්නේ නවදිල්ලි නගරයේ බොහෝ දෙනාට තමන්ගේ නිවසේ හුදෙකලාව සිටින්නට පහසුකම් නැහැ. ඒ නිසා අපි නවදිල්ලිය පුරාම කොවිඞ් සත්කාර මධ්‍යස්ථාන ආරම්භ කිරීමට කටයුතු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා.

දැනට කොරෝනා ආසාදිතයන්ගේ දරුණු ලෙසින් ඉහළ යන රටක් අතරට ගැනෙන ඉන්දියාව මෙම රැල්ලට මුහුණ දීම සඳහා තාවකාලික කොවිඞ්-19 සත්කාරක මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. නවදිල්ලි රජයේ ඇස්තමේන්තුවට අනුව 2020 ජූලි මාසය අවසාන වෙනවිට කොවිඞ්- 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව ලක්ෂ පහක් පමණ සංඛ්‍යාවක් විය හැකි බවයි.

එසේ වුවහොත් රෝගීන් වෙනුවෙන් රට තුළ ඇඳන් ලක්ෂයක් පමණ අවශ්‍ය බැව් ඔවුන් විසින් ඇස්තමේන්තු කර තිබේ. මේ නිසා නවදිල්ලි රජය නව රෝහලක් ගොඩනැඟීමට පියවර ගෙන ඇති අතර ඒ වෙනුවෙන් තෝරාගෙන ඇත්තේ දකුණු දිල්ලියේ චාටර්පූර්හි පිහිටි ‘‘රාධා සෝමි සට්සාං බියාස් ආධ්‍යාත්මික මධ්‍යස්ථානය’’යි.

‘‘රාධා සෝමි සට්සාං බියාස් ආධ්‍යාත්මික මධ්‍යස්ථානය 1891 වසරේදී ආරම්භ කරන ලද අතර දැනට එහි ගුරුවරයා ලෙසින් කටයුතු කරනුයේ ‘‘බාබා ශුරින්දර් සිං ’’යි. මෙම මධ්‍යස්ථානය වර්ග අඩි 12,50,000 ක බිම් වපසරියකින් යුක්ත වන අතර එය පාපන්දු පිට්ටනි 22 ක් තරම් විශාලත්වයකින් යුක්තය. රෝහලක් බවට පත් කිරීමට පෙරාතුව මෙම මධ්‍යස්ථානයේ දේශන වෙනුවෙන් එක් වරකට ලක්ෂ තුනක පමණ සෙනඟක් සහභාගී වී තිබේ. කොවිඞ්- 19 වසංගතයේ මුල් අදියරේදී මෙම මධ්‍යස්ථානය නිරෝධායන කටයුතු වෙනුවෙන්ද යොදා ගෙන තිබේ.

නවදිල්ලි රජයේ සැලසුම අනුව මෙම මධ්‍යස්ථානය රෝගින් වෙනුවෙන් ඇඳන් 10,000 කින් යුක්ත තාවකාලික සත්කාරක මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ කටයුතු දැනටමත් සිදු වෙමින් පවති. ජූනි 30වැනි දින වන විට රෝහලේ වැඩකටයුතු අවසාන කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. දකුණු දිල්ලියේ දිස්ති‍්‍රක් මහෙස්ත‍්‍රාත් බී.එම්.මිශ‍්‍ර මහතා මෙහි අධීක්ෂණ කටයුතු සිදු කරන අතර ඔහු සඳහන් කරන්නේ කොවිඞ් සහ සෞඛ්‍යාරක්ෂිත මාර්ගෝපදේශයන්ට අනුව මෙම රෝහල ඇඳන් 500 ක් සහිතව කොටස් කරමින් කුඩා රෝහල් 20 කින් සැපසෙන සේවාවන් සලසා දීමට පුරෝගාමී වී ඇති බවයි.

මෙහි ඇති ඇඳන් අතරින් 10% ක් වෙනුවෙන් ඔක්සිජන් පහසුකම් සලසා තිබේ. සේවා මුර අනුව වෛද්‍යවරුන් 400 ක් සේවය වෙනුවෙන් යොදවා ගන්නා අතර ව්‍යාධි විද්‍යාගාර සහ ගිලන් රථ සේවාවන්, වෙන්ටිලේටර් පහසුකම් සලසා තිබේ.

මේ සියල්ල අතර ‘‘රාධා සෝමි සට්සාං බියාස් සත්කාරක මධ්‍යස්ථානයේ ඇති සියලූම ඇඳන් කාඞ්බෝඞ්වලින් සකස්කර තිබේ. ඊට බලපාන විද්‍යාත්මක හේතුවක්ද වෛද්‍ය අධ්‍යක්ෂක මණ්ඩලය විසින් සඳහන් කර තිබේ. කොවිඞ්- 19 වෛරසය කාඞ්බෝඞ් මත පැය 24 කට වඩා පවතින්නේ නැති බව ස්ථිරයි. නමුත් ලෝහ,ප්ලාස්ටික් හෝ දැව මත වෛරසයට දින පහක පමණ කාලයක් ජීවත් විය හැකියි. ඒ වගේම මෙම ඇඳන් එකලස් කිරීමත් පහසුයි. සැහැල්ලූ නිසා රෝහල් කාර්ය මණ්ඩලයටත් සේවාවන් කිරීමේදී පහසුවක් සැලසෙනවා.

නමුත් යම් රෝගියකු විසින් මේ ඇඳක සිටීමට නොහැකි යැයි දන්වා සිටියොත් ඒ රෝගියා වෙනුවෙන් වෙනත් රෝහල් පහසුකම් ලබා ගැනීමටත් බාධාවක් නැහැ. ඒ විතරක් නොවෙයි, කොවිඞ්- 19 වසංගත තත්ත්වය අවසාන වුණ දිනකදී මෙම ඇඳන් ඉවත් කිරීමත් කිසිම ගැටලූවක් නැහැ. ඊට හේතුව කාඞ්බෝඞ් නිෂ්පාදනයක් නිසා ඉතාම පහසුවෙන් ජෛව හායනයට පත් වෙනවා.දිස්ති‍්‍රක් මහෙස්ත‍්‍රාත් බී.එම්.මිශ‍්‍ර සඳහන් කරන්නේ මෙම රෝහල වෙනුවෙන් විද්්‍යුත් කළමනාකරණ පද්ධතියක් වගේම රූපවාහිනී, ස්වයංක‍්‍රීය කැමරා සහ පරිගණක පවා ස්ථාපිත කිරීමට අදහස් කරනවා.

එවිට රෝගින්ට කම්මැලිකමක් නැතුව සුවසේ සිටීමට හැකියාව ලැබෙනවා, මධ්‍යස්ථානයේ ලේකම් ‘‘විවේක් සෙති’’ සඳහන් කරන්නේ ඉහත පහසුකම්වලට අමතරව පුටු 100 ක්, රෝද පුටු 350 ක් සපයා ඇති අතර රෝගීන් වෙනුවෙන් ආහාරපාන සැපයීමටත් මධ්‍යස්ථානය විසින් කටයුතු කරන බවයි.

කෙසේ වුණත් දැනට ජූලි මාසයේ පළමු වැනි දිනට විවෘත කිරීමේ සැලසුම් ඇතැත් වැඩකටයුතු අවසාන කිරීමේදී ඇති ප‍්‍රමාදයන් නිසා රෝහලේ විවෘත වීම ජූලි 7 වැනි දිනට කල් යා හැකි බැව් මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වය විසින් සඳහන්කර තිබේ.

උපුටාගැනීම – දිවයින පුවත්පතින්

Next Post

මෛත්‍රී සහ ඔහුගේ පිරිසට ජන්දය දෙන්න එපා - කිසිම කොන්දේසි ගිවිසුම් නැ - පොහොට්ටුවේ විශේෂ නිවේදනය මෙන්න

Sun Jun 28 , 2020
පසුගිය ජනාධිපතිවරණයේදී සියයට 51 ක් ගතයුතු නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානයක් ඇතිකරගත් නමුත් එම සන්ධානයේ කොන්දේසි කිසිවක් නොමැති අතර මෛත්‍රීට හෝ එහි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් දෙනවයි කියා නොමැති බවත් මෙවර මැතිවරණයේදී මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට හෝ ඡන්දයක් නොදෙන ලෙස තමන් ඉල්ලා සිටින අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ගම්පහ පැවති උත්සවයක් […]

Breaking News