බෙල්රූස් සිට විශේෂ ගුවන් යානයක් ලංකාවට – ඒ අතර අජිත් රෝහණ මහතාගේ දියණියත්

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් පිරිස අතරින් වැඩි පිරිසක් එරට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලාංකික සිසුන් බව වාර්තා වේ .

මෙම ගුවන් මගීන් පිරිස අද (28) උදෑසන 10.02 ට බෙලරෑස් රාජ්‍යයේ මින්ස්ක්  නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1206 දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.

මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරිණි.

මීට පෙර එක් වතාවක් බෙලරෑස් සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙරටට රැගෙන ආ අතර , මේ පිරිස එසේ බෙලරෑස් සිට රැගෙන එන දෙවන කණ්ඩායමයි .

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය අද (28) අලුයම බෙල්රුස් සිට පැමිණි ගුවන් යානයකින් මෙරටට පැමිණ තිබේ.

ඇය බෙල්රුස්හි උසස් අධ්‍යාපනය හැදැරිම සඳහා ගොස් සිටි අතර අද අලුයම දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඇය දින 14ක නිරෝධායනයකට මේ වන විට  ලක් කර තිබේ.

Next Post

ඇඳන් කාඩ්බෝඩ් - වෛද්‍යවරුන් 400 සේවයේ මොහොතින් විනාශ කළ හැකි ලෝකයේ විශාලතම කොරෝනා රෝහල

Sun Jun 28 , 2020
කොවිඞ්- 19 වසංගත රෝග තත්ත්වයේ ධාරිතාවය ඉහළ යන කාලවකවානුවක් ගැන කිසිදු රටකට අනාවැකි සඳහන් කළ නොහැකිය. මේ නිසා සෑම රටක්ම පාහේ කොවිඞ්- 19 ධාරිතාවයට මුහුණ දීම වෙනුවෙන් තම රට අභ්‍යන්තරයේ ම සැලසුම් සකස්කර ගැනීමට සූදානම්ව සිටීම වඩාත් ආරක්ෂිත පියවරක් ලෙස සැලකේ. නවදිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් සඳහන් කරන්නේ නවදිල්ලි නගරයේ […]