හෙට සිට මාස්ක් නැතිව අහු වුනොත් දවස් 14ක් ඇතුලේ

මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.ෙ

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, නිරෝධායන නීති අඛණ්ඩ ක්‍රියාත්මක කරන ලෙසයි.

මුඛ ආවරණ නොපළඳින පුද්ගලයන් දඩුවම් ලබාදෙන අතර සෞඛ්‍ය නිර්දේශ පිළි නොපදින පුද්ගලයන්ට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කොරෝනා වසංගතයේ අවදානම පහව යන තෙක් එය පාලනය කර ගැනීමට ජනතාවගේ ද සහය අත්‍යවශ්‍ය බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙයි.

මාස 3ක පමණ කාලයක් පවත්වාගෙන ආ අත් සේදීම දුරස්ථභාවය තබා ගැනීම ඇතුලු සෞඛ්‍ය පුරුදු තවදුරටත් අනුගමනය කළ යුතු බව ද ඔහු පැවසුවේය.

මෙම කරුණුවලට පටහැනිව කිසියම් අයෙක් කටයුතු කරන්නේ නම් එය නිරෝධායන නීතිවලට පටහැනිවීමක් ලෙසට සලකා නීතිමය පියවර ගන්නා බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

ලොව පුරා රටවල් ගණනාවක නව කොරෝනා වෛරසයේ දෙවන රැුල්ලක් ආරම්භ වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

එම දෙවන රැල්ලෙන් ලොව පුරා රටවල් ගණනාවක මිලියන ගණනාවක ජනතාව මිය යා හැකි බවද එම සංවිධානය අනතුරු හඟවා ඇත.

කොරෝනා දෙවැනි රැල්ල පළමු අදියරට වඩා ඉතා භයානක යයිද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් බරපතල අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

මේ වන විට ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය සහ ලතින් ඇමරිකානු රටවල් කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.

Next Post

අවදානමක් ගන්න එපා - SARS-Cov-2 හෙවත් නව කොරෝනා පැතිරෙන්නේ මෙන්න මෙහෙමයි - හැමෝම නොහිතන තවත් දෙයක්

Sat Jun 27 , 2020
කොමෝඩය සහිත වැසිකිළි ‘Flush’ කිරීමේදී විසිරෙන ජල බිඳිති ඔස්සේ කොරෝනා වැනි වෛරස් ආසාදන පැතිර යා හැකි බවට චීන විද්‍යාඥයන් පිරිසක් පසුගිය සතියේ අනතුරු ඇඟවූහ. ඒ අනුව වැසිකිළිය ෆ්ලෂ් කිරීම මගින් වේගයෙන් පිටතට විසිරී යන ජල බිඳිති මගින් කෝවිඩ්-19 ට හේතුවන කොරෝනා වෛරසය ද ඍජුව අදාළ පුද්ගලයාගේ මුහුණ වෙත මුදාහරින බව […]

Breaking News