සෞඛ්‍ය උපදෙස් අනුගමනය නොකරන්නන්ට වැඩ වැරදියි – නිර්දේශ මාලාව රෙගුලාසි වශයෙන් ගැසට් නිවේදනය මෙන්න

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට අනුව මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කෙරෙන ගැසට් නිවේදනයේ ඇතුළත් රෙගුලාසි කඩ කරන පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමේ බලය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පැවරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

කොවිඩ් 19 වසංගතය හමුවේ මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මැතිවරණ කොමිසන් සභාවට බාරදෙනු ලැබූ අතර එම නිර්දේශ මාලාව රෙගුලාසි වශයෙන් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

මෙම ගැසට් නිවේදනයෙන් සිදුවන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිර්දේශ මාලාව නීති සහ රෙගුලාසි බවට පත්වීම යැයි ද ඇය කීවාය.අදාළ ගැසට් නිවේදනය සති අන්තයේ නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවද ඇමැතිවරිය සඳහන් කළාය.

මහමැතිවරණය සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයට අනුව පැවැත්වීම සඳහා වන නිර්දේශවලට අමතරව, ඒවා ක්‍රියාත්මක කිරිම සම්බන්ධයෙන් සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පවරන බලතල මෙම ගැසට් නිවේදනයට ඇතුළත් වන බව ඇමැතිවරිය කීවාය.
කොවිඩ්-19 වෛරස තත්ත්වය පහව යන තෙක් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව ජනතාව කටයුතු කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව සෑම පුද්ගලයෙකුම මුඛ ආවරණ පැළඳීම පිළිබඳ විශේෂයෙන් අවධානය යොමු කළ යුතුවේ.

සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සදහන් කරයි.

Next Post

ශ්‍රී ලංකාවට කිසිදිනෙක ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකියාවක් නැ - වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ- ICC යෙන් දැනුම් දීමක්..

Sat Jun 27 , 2020
හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන තරගාවලිය පාවාදුන් බවට සාධාරණ සැකයක් ඇතැයි පැවසීමත් සමග එම ලෝක කුසලානට සහභාගි වු සියලූම ක‍්‍රීඩකයන්ගෙන් සාක්ෂි විමසීමට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය සුදානමින් සිටින බව වාර්තා වේ. 2019 අංක 24 දරණ පණත අනුව ක‍්‍රීඩාවේ වැරදි වැලැක්වීම සඳහා […]