ශ්‍රී ලංකාවට කිසිදිනෙක ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකියාවක් නැ – වැඩිම තරග පාවාදෙන ක‍්‍රීඩකයන් ඉන්නේ ශ‍්‍රී ලංකාවේ- ICC යෙන් දැනුම් දීමක්..

හිටපු කී‍්‍රඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් 2011 ලෝක කුසලාන තරගාවලිය පාවාදුන් බවට සාධාරණ සැකයක් ඇතැයි පැවසීමත් සමග එම ලෝක කුසලානට සහභාගි වු සියලූම ක‍්‍රීඩකයන්ගෙන් සාක්ෂි විමසීමට කී‍්‍රඩා අමාත්‍යාංශයේ ක‍්‍රීඩා සම්බන්ධ වැරදි විමර්ශන විශේෂ ඒකකය සුදානමින් සිටින බව වාර්තා වේ.

2019 අංක 24 දරණ පණත අනුව ක‍්‍රීඩාවේ වැරදි වැලැක්වීම සඳහා කී‍්‍රඩා අමාත්‍යාංශය විසින් වෙනම විමර්ෂණ ඒකකයක් පිහිටුවන අතර එම විමර්ෂණ ඒකකයේ සාමාජිකයන් වශයෙන් හිටපු අපරාධ විමර්ෂණ අංශවල ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන්ගෙන් සමන්විත වේ.

මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් කරුණු 24 ක් සඳහන් කරමින් ඔහුට සැක හිතුන තැන් සම්බන්ධව එකින් එක අදාළ විමර්ෂණ ඒකකයට භාරදී තිබේ.

කෙසේ වෙතත් 2011 ලෝක කුසලාන පාවාදීමේ කතාව සම්බන්ධව සත්‍ය තොරතුරු ලබා ගැනීමට නම් එම ලෝක කුසලාන ක‍්‍රීඩා කළ සියලූම ක‍්‍රීඩකයන්ගෙන් සහ කාර්ය මණ්ඩලයෙන් ප‍්‍රශ්න කිරීමට සිදුව ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.

අවසන් මහා තරගය ක‍්‍රීඩා කළ කී‍්‍රඩකයන් 11 දෙනාට අමතරව බංකුවේ සිටි ක‍්‍රීඩකයන්ද ඉදිරියේදී කටඋත්තර ලබා දීමට අදාළ විමර්ෂණ ඒකකයට සහභාගි විය යුතුවේ. ඒ අනූව ලබා ගන්නා සාක්ෂි සහ කරුණු මත හැකි ඉක්මනින්

අලූත්ගමගේ මහතාගේ කතාව සම්බන්ධව සත්‍ය අසත්‍යතාව ජනතාවට ලබාදීමට ක‍්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ ඒකකයට හැකි වනු ඇත. කෙසේ වෙතත් වත්මන් ක‍්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් හිටපු ක‍්‍රීඩා ඇමැතිවරයා පැවසූ පාවාදීමේ කතාව සම්බන්ධව තමා කළ කරුණු සොයා බැලීමේදී එවැනි සිදුවීමක් වු බවට කිසිදු සාක්ෂියක් නොලැබුණ බව පසුගියදා මාධ්‍ය හමුවකදී සඳහන් කර සිටියේය.

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරින් තරග පාවාදෙන තරගකරුවන් වැඩිම පිරිසක් සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තමනට දැන්වූ බව හිටපු ක‍්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මාධ්‍ය හමුවක් අමතමිනි.2011 අවසන් මහ තරගය පාවාදීමක් වූයේ යයි සැක බවට තමන් කල හෙලිදරවුවෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිලධාරියෙක් තමනට විද්‍යුත් ලිපියක් එවූ බවත් එහි මේ බව සඳහන්ව තිබූ බවත් ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය ගැන තමන් කණගාටු වන බවත් මෙම කටයුතු නැවැත්තුවේ නැතිනම් ශ්‍රී ලංකාවට කිසිදිනෙක ලෝක කුසලානයක් දිනා ගැනීමට හැකියාවක් නැති බවද ඔහු සඳහන් කළේය.


Next Post

හෙට සිට මාස්ක් නැතිව අහු වුනොත් දවස් 14ක් ඇතුලේ

Sat Jun 27 , 2020
මුව ආවරණ නොපළඳින පුද්ගලයින් හෙට සිට දින 14 ක ස්වයං නිරෝධායනයකට යොමු කරන බව පොලීසිය පවසයි.බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කළේ, හෙට සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.ෙ මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ජනතාවට දැනුම් දෙන්නේ, […]

Breaking News