එදා හිටපු 225 එපා කිව්වට ඔන්න අඩු වැඩිය එකතු වෙලා මෙදා නාමයෝජනා ලැබුණු හැටි

පරණ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 225 ම එපා යැයි පසුගිය කාලයේ මතයක් සමාජගතව තිබුණද, පරණ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරු 225 න් 198 කට ම මෙවර ද මහා මැතිවරණය සඳහා තරග කිරීමට නාමයෝජනා ලැබී තිබේ.

එසේම එසේ සිටි තවත් මන්ත්‍රීවරු 10කගේ නම් දේශපාලන පක්ෂ ජාතික ලයිස්තුවලට ඇතුළත් කර ඇත.

කෙසේවුවද, ප්‍රධාන පක්ෂ අතරින් හිටපු මන්ත්‍රීවරුන්ට නාමයෝජනා අඩුවෙන්ම ලබාදුන් පක්ෂය වන්නේ එක්සත් ජාතික පක්ෂයයි.

එසේ හිටපු මන්ත්‍රීවරු වැඩි පිරිසකට නාමයෝජනා ලබාදුන් පක්ෂය වන්නේ බලයේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි. හිටපු මන්ත්‍රීවරු 85 දෙනෙකුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂකත්වය ලබාදී ඇත.

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් අලුතින් පිහිටුවාගත් සමගි ජන බලවේගය දෙවැනියට වැඩියෙන්ම හිටපු මන්ත්‍රීවරුන්ට අපේක්ෂකත්වය ලබාදුන් පක්ෂයයි. ඔවුන් හිටපු මන්ත්‍රීවරුන් 73 දෙනෙකුට නැවත අපේක්ෂකත්වය ලබාදී තිබේ.

ජාතික ජන බලවේගය ලෙස තරගවදින ජනතා විමුක්ති පෙරමුණ පරණ පාර්ලිමේන්තුවේ සිටි පස්දෙනෙකුට මෙවර පාර්ලිමේන්තුවට අපේක්ෂකයන් ලෙස තරගවැදීමට අවස්ථාව ලබාදී ඇත.

කෙසේවුද පරණ පාර්ලිමේන්තුවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරු 7දෙනෙකු සිටියහ.

මූලාශ්‍රය – මන්ත්‍රී ඩොට් එල්කේ

Next Post

කොරෝනා සමයේ සිදු වූ ඔන්ලයින් විවාහේ මනාලිය ඩුබායි - මනාලයා ලංකාවේ

Fri Jun 26 , 2020
මේ වකවානුව පුරාම අපට අසන්නට ලැබුණේ ලෝකයේ නරකම උවදුරු හමුවේ වුවද ජීවිතයේ සොඳුරුම අවස්ථා අහිමි කරගන්නට අකමැති වූ වෙනස් මිනිසුන් ජීවිතය අත්දකින්නට තෝරාගත් නිර්මාණශීලී ප්‍රවේශයන්ය. පසුගිය 20දා ඩුබායි හි KhaleejTimes වෙබ් අඩවිය තවත් එවැනි අපූරු පුවතක් වාර්තාකර තිබිණි. ඉන් කියැවුණේ සිය මංගල උත්සවය පිළිබඳ සියලු කටයුුතු සැලසුම් කළ පසු පැමිණි […]