“අපේක්ෂා එක්ස්ප්‍රස්” ‍රෝහල් බස් සේවයට බාල්දියක් – තහනම් කරන්න ඉල්ලූ පිරිසට ඇමති කිව්ව මසුරං කතාව

මහරගම අපේක්ෂා රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගින් ප්‍රවාහණය සඳහා යොදවා ඇති “අපේක්ෂා එක්ස්ප්‍රස්”  ලංගම බස් රථ සේවාව අත්හිටුවන ලෙස එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් කළ ඉල්ලීම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රතික්ෂේප කරයි.

පසුගිය මාර්තු මස සිට  කොවිඩ් 19 හේතුවෙන් පනවන ලද ඇඳිරි නීතිය හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලට සායන සඳහා  පැමිණෙන රෝගීන් මහත් ගැටළුසහගත තත්ත්වකට පත් වූහ. ඊට හේතුව නම් දුරබැහැර එම සායන සඳහා පැමිණීමට පහසුකම් නොවීමය.

මේ නිසා ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි සෑම පළාතක්ම නියෝජනය වන පරිදි ලංගමය මගින් බස් රථ සේවාවක් අරඹන ලදී. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම සිට  රෝගීහු විශාල ප්‍රමාණයක් මෙම සායන සඳහා සහභාගි වෙති.

මේ නිසා එම රෝගීන් ප්‍රවාහණය සඳහා පළාත් 09ම ආවරණය වන පරිදි ලංගම මගින් බස් රථ සේවාවක් ආරම්භ කළ අතර දිනපතා මෙම බස් සේවාව ක්‍රියාත්මක වේ. වර්තමානයේ ද මෙම සේවාව ක්‍රියාත්මක වීම නිසා එම සායන සඳහා පැමිණෙන අසරණ රෝගින්ට ඉන් මහත් සෙතක් අත් වී තිබේ.

එමෙන්ම සායන සඳහා පැමිණෙන රෝගින් ආපසු නිවෙස් කරා යාමේ දී ඔවුන්ට වෛද්‍යවරුන් විසින් ලබා දෙන ඉතාමත් සංවේදී ඖෂධ ප්‍රශස්ත උෂ්ණත්ව මට්ටමක පවත්වා ගත යුතු හෙයින් බොහෝ බස් රථ වල ශීතකරණ පහසුකම් පවා ස්ථාපිත කිරීමට ලංගමය විසින් පියවර ගන්නා ලදී.

මෙම බස් සේවාව මගින් තමන්ට විශාල පාඩුවක් සිදුවන බව කියමින් එක්තරා පුද්ගලික බස් රථ සංගමයක් විසින් රෝගී ජනතාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ බස් සේවාව වහාම අත් හිටුවන ලෙස ප්‍රවාහණ සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගෙන් ඉල්ලිමක් කළේය.

නමුත් ඊට ප්‍රතිචාර දැක්වු අමාත්‍යවරයා අපේක්ෂා රෝහලට සායන සඳහා පැමිණෙන රෝගින් සඳහා ස්ථාපිත කළ සේවාව කිසිසේත්ම නතර නොකරන බවත්, මෙම සේවාව කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වූ පසුව වුවද පවත්වාගෙන යාමට පියවර ගන්නා බවත් ප්‍රකාශ කළේය.

හැකි නම් ලංගමය විසින් සපයන සේවාව හා සමාන සේවාවක් ලබා දී පුද්ගලික අංශයට ද එවැනි සේවාවක් එම රෝගින් සඳහා අරඹන්නැයි අමාත්‍යවරයා කීය.

කෙසේ වුවද, අපේක්ෂා රෝහලට දුරබැහැර සිට පැමිණෙන රෝගින් තම රෝගී ස්වභාවය නිසා අධික වේදනාවෙන් පෙළෙන රෝගිහු වෙති. ඔවුන්ට පහසුවෙන් ගමන් කිරීම සඳහා පහසුකම් පොදු ප්‍රවාහණය තුළ තිබිය යුතුය. ලංගම විසින් මහරගම අපේක්ෂා රෝහලට දක්වා සපයන ලද බස් සේවාව එම රෝගි ජනතාව හදුන්වන්නේ “අපේක්ෂා එක්ස්ප්‍රස්” යනුවෙනි.

Next Post

මේ තොරතුරු අපේ නොවන අය අතට පත්කරන්න එපා

Fri Jun 26 , 2020
‘අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක්ක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න’ යැයි සිනමන් ග්‍රැන්ඩ් හොටල් පහර දුන් තඹ කම්හල් හිමිකරු මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ඉරිදා සිදුවීමට දින හතරකට කලින් සිය බිරිඳ […]