යහපාලන රජය MCC අත්සන් කර සල්ලි අරං – හිටපු කැබිනට් ඇමතියෙක් ලක්ෂ 50කට ගේම දුන්න හැටි මෙන්න

පසුගිය යහපාලන රජය විසින් ජනතාවට නොදන්නා අමෙරිකා එක්සත් ජනපදය සමග ආන්දෝලනාත්මක MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කර තිබෙන බව අද හෙළිවූවා.

මේ බව හෙළිවූයේ MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාවෙනි.

මෙම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද භාර දී තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයින් විසින් අවසන් වාර්තාව ජනාධිපතිවරයා වෙත භාර දී ඇත්තේ ජනාධිපති කාර්යයාලයේදීයි. 

ඊයේ දිනයේ මෙම වාර්තාව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දීම සිදු කෙරුණා.

විශ්ලේෂණ භාර රජයේ කේන්ද්‍රීය ආයතන ගිවිසුම අත්සන් කිරීමට පෙර බහු කේෂ්ත්‍රිය ආවරණයක් කර නැති බවද මෙහිදී කමිටු සභාපතිවරයා පෙන්වාදෙනු ලැබුවා.

නිත්‍යානුකුලව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ නොහැකි බවට ඉඩම් කොමසාරිස්වරයා විසින් පැහැදිලි කර ඇත.

ව්‍යාපෘතිය පාර්ලිමේන්තු පනතක් වශයෙන් සම්මත කිරීමෙන් පසු ප්‍රතිවිරුද්ධ මතයක් හෝ යෝජනාවක් ඉදිරිපත් කිරීම ගිවිසුමට පටහැනි වීමක් බවද කමිටු සභාපතිවරයා සඳහන් කර සිටියා. 

නියෝජිතයන් දෙදෙනෙකුට, ඕනෑම කොන්දේසියක් ලිපියක් මගින් වෙනස් කිරීමට හැකි. එවැනි තීරණයක් පාර්ලිමේන්තු පරමාධිපත්‍ය උල්ළංඝනය කිරීමක් වනවා. නීතිපතිවරයාට රජය වෙනුවෙන් පෙනී සිටීමට හෝ අධිකරණය වෙත යාමට හෝ නොහැකි පසුබිමක් ඉන් නිර්මාණය වී ඇති බවද මෙහිදී කමිටු සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් පෙන්වා දෙනු ලැබුවා.

MCC ගිවිසුම ක්‍රියාත්මක කළ සෙසු රටවල වත්මන් තත්වය කෙරෙහි ද කමිටු සාමාජිකයෝ ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළ අතර එම රටවලට අත්වූ ඉරණම ඉතා කණගාටුදායක බව නිරීක්ෂණය වී ඇතැයි ඕව්හු සඳහන් කර සිටියා.

සියලු කරුණුවලට සාවධානව සවන් දුන් ජනාධිපතිතුමා වාර්තාවේ නිර්දේශ ජනතා අවධානයට යොමු කරන ලෙස ජනාධිපති ලේකම්වරයාට උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ

පසුගිය ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයෙක් සූර්යබල ව්‍යාපෘතියක් අනුමත කිරීම සඳහා රුපියල් කෝටි පනහක මුදලක් ලබාගෙන ඇති බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විෂය භාර ඇමැති මහින්ද අමරවීර ඉදිරිපිටදීම මේ බව කී සභාපතිවරයා තමා මේ හෙළිදරව්ව කරන්නේ ඉතාම වගකීමන් යුතුව බවද පැවසීය.

පසුගිය 23 වැනිදා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට පැමිණි ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු මේ බව පැවසූ බවත් ඔහු සඳහන් කළ පරිදි අදාළ ඇමැතිවරයාගේ අනුගාමිකයකුට මෙම කෝටි පනහක මුදල ලබාදී සූර්ය බල ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාගෙන ඇති බවත් සභාපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මෙම සිද්ධිය වූ කාල වකවානුවේදී තෝරාගත් පිරිසකට පමණක් සූර්ය බල විදුලි ව්‍යාපෘතිය සඳහා අනුමැතිය ලබාදී ඇති බවත් එවකට එම විදුලි ඒකකයක් රුපියල් 22ක් වැනි මුදලකට මිලදී ගත් බැවින් රුපියල් කෝටි 50ක් වැය කළ ද අධික ලාභයක් ලැබීමට එම ව්‍යාපාරිකයන්ට හැකිවී ඇති බවක් සභාපතිවරයා සඳහන් කළේය.

සූර්ය බල විදුලි ඒකකයකින් පවා විදුලිබල මණ්ඩලයට රුපියල් දහයකට අධික පාඩුවක් විඳීමට සිදු වූයේත් අවසානයේ මණ්ඩලය පාඩු ලබන ආයතනයක් බවට පත්වූයේත් මෙවැනි දූෂිත පාලකයන් නිසා බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Next Post

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් වසරකට කෝටි 185 බැගින් වසර 13ක්ම හොරා කාලා

Thu Jun 25 , 2020
රියැදුරු බලපත්‍රයක් රුපියල් තුන්සියයක වියදමින් මුද්‍රණය කළ හැකිව තිබියදී පුරා වසර දහතුනක කාලයක් තිස්සේ රුපියල් 1571ක මුදලක් එක් රියැදුරු බලපත්‍රයක් සඳහා අය කරන්නට සමාගමකට ඉඩදී එම සමාගමෙන් කොමිස් ගසන දේශපාලනඥයන් හා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් පිළිබඳ තොරතුරු රජයේ විගණනවලදී හෙළි වී තිබේ. රියැදුරු බලපත්‍ර මුද්‍රණයේදී ඊට චීපයක් […]

Breaking News