ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානය පවා දුන්න යැයි කිව්ව ඇමති අලුත්ගමගේ දැන් කියන කතාව

2011 වසරේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේ තරග පවාදීම ගැන හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ෂණ ඒකකයේ නිලධාරින් විසින් ඊයේ (24) පැය තුනකට ආසන්න කාලයක් හිටපු ක්‍රිඩා අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගනු ලැබීය.

කොළඹ සිට නාවලපිටිය දක්වා පැමිණි පොලිස් විශේෂ විමර්ෂණ අංශයේ නිලධාරින් සිව්දෙනෙකු විසින් නාවලපිටිය නගරයේ පිහිටි මහින්දානන්ද පදනම් කාර්යයාලයේදී අද උදැසන 6.30 සිට උදැසන 9 පමණ දක්වා මෙලෙස ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි.

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් පොලිස් විශේෂ විමර්ෂණ අංශය වෙත ප්‍රකාශය ලබා දීමෙන් පසුව මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් මාධ්‍යය හමුවක්ද පැවැත්විණි.මෙම මාධ්‍යය හමුවේදි හිටපු ක්‍රිඩා අමාත්‍යවරයා කියා සිටියේ තමන් කල පැමිණිල්ල කරුණු 24 කින් යුත් පිටු හයකින් සමන්විත වන බවද , එයට අදාල ලියකියවිලි 8 ක් ඇති බව ද ක්‍රීඩා වැරදි විමර්ශන විශේෂ පොලිස් ඒකකයට වෙත බාර දුන් බවයි.

ලෝකයේ ටෙස්ට් ක්‍රිඩා කරන රටවල් 12 අතර තරග පවාදිම සම්බන්ධයෙන් ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නම ද ඇතුළත් බවත් , මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලෙස හිටපු ක්‍රිඩා අමාත්‍යය හරින් ප්‍රනාන්දු මහතා වෙත අන්තර්ජාතික ක්‍රිකට් කම්ටුව විසින් විශේෂ ලිපියක් හරින් ප්‍රනාන්දු මහතා වෙත එවා තිබු බව මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේය.

2011 ලෝක කුසලාන අවසන් තරගයේ දී තරගය ඉන්දියාවට විකිණීම පිළිබඳව තමා මීට ටික දිනකට පෙර අදහස් පළ කළේ ඒ සම්බන්ධයෙන් වූ ඉතා රහසිගත ලියවිල්ලක් තමාට ක්‍රීඩා අමාත්‍යංශයෙන් ලැබුණේ මීට සති දෙකකට පමණ පෙර නිසා බව හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු වූ මහින්දානන්ද අලූත්ගමගේ මහතා ප්‍රකාශ කරයි.

එම ලියවිල්ලෙන් තරගය පාවාදීම පිළිබඳව ශ්‍රී ලංකාව ඉදිරියෙන් ම සිටින බව දන්වමින් හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු හරින් ප්‍රනාන්දු මහතා වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ පිටුදැකීම පිටුදැකීමේ කමිටු ප්‍රධානියා දන්වා තිබුණු බවත් අලූත්ගමගේ මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙම ලියවිල්ල මහින්දානන්ද අලූත්ගමගේ මහතාට ලැබී තිබෙන්නේ ඩලස් අලහප්පෙරුම මහතා යටතේ තිබෙන ක්‍රීඩා අමාත්‍යාංශයෙන් බව හෙළිදරව් වේ.

Next Post

යහපාලන රජය MCC අත්සන් කර සල්ලි අරං - හිටපු කැබිනට් ඇමතියෙක් ලක්ෂ 50කට ගේම දුන්න හැටි මෙන්න

Thu Jun 25 , 2020
පසුගිය යහපාලන රජය විසින් ජනතාවට නොදන්නා අමෙරිකා එක්සත් ජනපදය සමග ආන්දෝලනාත්මක MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කර තිබෙන බව අද හෙළිවූවා. මේ බව හෙළිවූයේ MCC ගිවිසුම සමාලෝචනය කිරීම සඳහා පත් කළ කමිටුවේ අවසන් වාර්තාවෙනි. මෙම කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද භාර දී තිබෙනවා. එම කොමිසමේ සාමාජිකයින් […]