කොළඔද වැඩ?එහෙනම් කුලියට ගෙයක් රජයෙන් – රජයේ සේවකයන්ට කැබිනට් අනුමැතිය ලැබුණු නිවාස සහ ණය සහන මෙන්න

රැකියා සඳහා කොළඔ නගරයේ රැඳී සිටින ජනතාව සඳහා කුලී පදනම යටතේ නිවසක් ලබා දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බව නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යාංශය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොළඹ දී අද (24) පැවසීය.

රාජ්‍ය හා පෞද්ගලික ආයතන පවත්වාගෙන යන ප්‍රදේශවල වැඩි වශයෙන් මෙම නිවාස ඉදිරිකිරීමට සැලසුම් කර ඇති බවද ඔහු සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

මෙයට අමතරව නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ, ක්‍රියාත්මන වන අඩු ආදායම් ලාභින්ගේ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිරි වසර 05 තුළ නිවාස 40,000ක් ලබා දීමට පියවර ගන්නා බවත් පැවසූ ලේකම්වරයා එමඟින් කොළඔ නගරය පැල්පත් රහිත නගරයක් බවට පත් කරන බවද සඳහන් කළේය.

රැකියාවක නිරත සියලු දෙනාටම වැටුපට සරිලන ලෙස නව නිවසක් ලබා ගැනීම සඳහා පහළ හා මධ්‍යම පාන්තිකයින්ට සරිලන නිවාස ව්‍යාපෘතියක් ඉදිරිකිරිමට කැබිනට් අනුමැතිය ලැබුණු බවද වික්‍රම මහතා පැවසීය.

නිවාස ඉදිකිරීමට ඉඩම් නොමිලේ ලබා දෙන බවත් පැවසූ ලේකම්වරයා තනි කාමරය, කාමර 2 හා කාමර 3 යන කාණ්ඩ යටතේ මිලියන 7.5ත් මිලියන 15ත් අතර එම නිවාස ඉදි කිරීමට බලාපොරොත්තු වන බවත් පැවසීය.

මෙම නිවාස ඉදිරිකිරිමේ සඳහා සියයට 7% ණය පොලිය යටතේ දිර්ඝ කාලින ණය මුදල් ලබා දීමට රජයේ හා පෞද්ගලික අංශය කැමැත්ත පළ කර ඇතැයි ද ලේකම්වරයා සඳහන් කළේය.

මේ වසර අවසානයේ දී එම ව්‍යාපෘති 05ක් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් ලේකම්වරයා කීවේය.

එසේම කොළඹ නගරයේ ස්ථාන 11 ක වාහන නැවැත්විම සඳහා වාහන අංගන 11 ක් ඉදි කිරීමට ද සැලසුම් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

Next Post

මට අලුත් යාළුවෝ හම්බවුණා. එයාලා මට වඩා බාලයි

Wed Jun 24 , 2020
• කොහොමද ශේෂාද්‍රි. පසුගිය දවස්වල ලොකු නිවාඩුවක් ගත කළා නේද? ඔව්. අපි හැමෝටම ලොකු නිවාඩුවක් හම්බවුණානේ. සෑහෙන කාලයකට පස්සේ ගෙදර හැමෝම එක්ක එකට ඉන්න ලැබුණා. එකම ගෙදර හිටියට සමහර දවස්වලට අක්කිව (දිනක්ෂි), නංගිව (ශනුද්‍රි) දකින්නවත් ලැබෙන්නේ නැති දවස් තියෙනවනේ. මොකද එයාලා උදේ ගියාම ආයෙත් රෑ වෙනවනේ ගෙදර එන්න. ඉතින් කාලයකට […]