පැවැති සීමාකිරීම් ලිහිල් කළ පසු පොදු මගී ප්‍රවාහන සේවාවල සහ රෝහල් බාහිර ප්‍රතිකාරය අංශවල ජනතාවගේ හැසිරීම අසතුටුදායක බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.
මේ පිළිබඳව කණස්සල්ලෙන් යුතුව අදහස් පල කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ මෙම ස්ථානයන්හි බොහෝ පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරමින් එකිනෙකා හා හැපි හැපී කටයුතු කරන බව පෙනෙන්නට ඇති බවයි.
විශේෂයෙන් මගී ප්‍රවාහන සේවාවන්වල ගමන් කිරීමේදී එක් අසුනක එක් මගියෙකු මගින් වශයෙන් ගමන් කිරීම මෙන්ම මුහුණු ආවරණ පැළඳීම ද ඉතා වැදගත් බවද ඔහු පෙන්වා දෙයි.
මෙම ස්ථානවල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොවන ගැටළුකාරී තැන් ගණනාවක්ම හඳුනාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
ඉදිරි මැතිවරණ කාලයේ දී මෙම සෞඛ්‍ය නීති උපරිමයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් සකස් කර ඇති බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.
කොරෝනා වෛරසය ආසාදිත වූ තවත් පුද්ගලයන් 07 දෙනෙකු හඳුනා ගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඔවුන් සියළු දෙනා ඇමරිකා එක්සත් ජනපදයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමු කර සිටි අයයි.
මෙම ආසාදිතයන්ට සමග මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1998 දක්වා ඉහළ යයි.