ගලේවෙල අලුත්වැව ප්රදේශයේ වි සක් දී සුනකයන් දස දෙනෙකු පමණ නැති කිරීමට සැලසුම් කර ඇතැයි ප්රදේශවාසීහු ගලේවෙල පොලීසියට 24 පැමිණිලි කොට තිබේ.
24 දින පෙරවරුවේ තැන තැන සුනඛයන්ගේ අප්රාණික දේහ දැකීමත් සමඟ ප්රදේශවාසීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බැලීමක් සිදු කරද්දී නිවෙස් වල සිටි සුනඛයන් දස දෙනෙකුගේ මල කුණු පෙරවරුවේ සොයා ගත් බව ප්රදේශවාසීහු පවසති. ගලේවෙල පොලීසියේ ඉහළ පොලිස් නිලධාරියකු කියා සිටියේ පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පැමිණිල්ලක් අනුව ප්රදේශයේ පරික්ෂා කිරීම සඳහා පොලිස් කණ්ඩායමක් යැවූ බව ය
කෙසේ වෙතත් තවදුරටත් මෙම සුනඛයන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පවත්වන බවද පොලිසිය ඒ මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය.
ගලේවෙල අළුත්වැව ප්රදේශයේ සත්ව ගොවිපලක හිමිකරුවන් විසින් මෙම සතුන් දිගින් දිගටම කරදර කරන බවත් මෙවර මෙම සතුන්ට වස හෝ විස ශරීර ගත කොට විනා ශ කර දමන්නට ඇතැයි ප්රදේශවාසීහු චෝදනා කරති