කොන්දොස්තරලාගේ මුඛ ආවරණ බෙල්ලේ – බස් මගී ජනතාවගෙන් පැමිණිල්ලක්

කොවිඩ් 19 වසංගතයෙන් ශ්‍රී ලංකාව සාධනීය ජයග්‍රහණයක් ලබා ඇතත් වෛරසය තවමත් ලෝකයෙන් තුරන් වී නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිර යාමේ අවධානමක් ඇති බැවින සෞඛ්‍ය අංශ හා රජයේ උපදෙස් මත තවදුරටත් ආරක්ෂාකාරී පියවර අනුගමනය කරන ලෙස ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කරයි.

සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ප්‍රකාශයක් කරමින් ජනපතිවරයා මේ බව සඳහන් කරයි.

“ලෝකයෙ සියලුම රටවල් කොවිඩ් 19 උවදුරෙන් දරුණු ලෙස පීඩා විඳිද්දී සාමුහික ක්‍රියාවලියක උත්සාහය මත අපේ රට සාධණීය ජයග්‍රහණයක් ලබා ඇතත් කොවිඩ් 19 වෛරසය තවමත් ලොවෙන් තුරන් වී නැත.

නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීමෙන් නැවතත් රෝගය පැතිරයාමේ අවධානමක් පවතී. එබැවින් තවදුරටත් සෞඛ්‍ය අංශ සහ රජයෙ උපදෙස් මත තවදුරටත් ආරාක්ෂාකාරි පියවර අනුගමනය කරන ලෙස මම සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිමි'”

මුඛ ආවරණ නොපැළඳ බස් රථවලට ගොඩවන මගීන්ට ගමන් කිරීමට ඉඩදෙන කොන්දොස්තරවරුන්ට එරෙහිව කොරෝනා නිරෝධායන නීතිය යටතේ ක‍්‍රියාකරන ලෙස මගීහු රජයෙන් ඉල්ලති.

විශේෂයෙන් පෞද්ගලික බස් රථවල ඇතැම් මගීහු මුඛ ආවරණ නොපැළඳ ගමන් කරති. කොන්දොස්තරවරු ඔවුන්ට එලෙස නිදහසේ ගමන් කරන්නට ඉඩදෙති. ඇතැම් කොන්දොස්තරවරු මුඛ ආවරණය පැළඳ සිටින්නේ බෙල්ලටය. මෙම තත්ත්වයන් දකිමින් ගමන් කරන මුඛ ආවරණ පැළඳ සිටින මගීන්ද එම තත්ත්වයන්ට එරෙහිව වචනයක් කතා කරන්නේ නැත.

මුඛ ආවරණ රහිත මගීන් සහ බෙල්ලට එම ආවරණ පැළඳ සිටින කොන්දොස්තරවරු සම`ග ගමන් කරන්නේ දැඩි භීතියකින් බව මගීහු පවසති.

නිරෝධායන නීතිය යටතේ බස්රථවල හිටගෙන ගමන් කිරීම තහනම්ය. එහෙත් බොහෝ බස්රථවල මගීහු මීටරයේ පුද්ගල දුරස්ථභාවයේ ඇති අවශ්‍යතාවය ගැන නොසිතා ඇෙ`ග් හැප්පි හැප්පී ගමන් කරනු දැකිය හැකිය.

Next Post

ගලේවෙල සුනඛයින්ට සත්ව ගොවිපල නිසා වුනු වැඩක්

Wed Jun 24 , 2020
ගලේවෙල අලුත්වැව ප්‍රදේශයේ වි සක්  දී සුනකයන්  දස දෙනෙකු පමණ නැති කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රදේශවාසීහු ගලේවෙල පොලීසියට 24 පැමිණිලි කොට තිබේ. 24 දින පෙරවරුවේ තැන තැන සුනඛයන්ගේ අප්‍රාණික දේහ දැකීමත් සමඟ ප්‍රදේශවාසීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලෙන් සොයා බැලීමක් සිදු කරද්දී නිවෙස් වල සිටි සුනඛයන් දස දෙනෙකුගේ මල කුණු පෙරවරුවේ […]

Breaking News