රට විරුවන් නිසා රජය ලෝක අමාරුවක – දැනට 8000ක් ඇවිත් 40000ක් පෝලිමේ

විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත.පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී විදෙස් ගත ශ්‍රී ලංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 554කි. පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරට ලැබුණු විදෙස් ප්‍රේෂණ හා සැසඳීමේදී මේ වසරේ මුල් මාස හතරේදී ලැබුණු ප්‍රේෂණ ප්‍රමාණය 9% කින් අඩු වී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය වසරේ මුල් මාස හතරේදී මෙරටට ලැබී ඇති සේවක ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 2,171ක් වන අතර මේ වසරේදී ලැබී ඇති ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,975කි.

මේ අතර මැදපෙරදිග රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 1,700කට වැඩි ප්‍රමාණයකට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තවත් 23 දෙනකු වයිරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් පසුගිය අප්‍රේල්, මැයි සහ ජූනි යන මාසවලදී මැද පෙරදිග සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 8,000කට පිරිසක් නැවත මෙරටට පැමිණ ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

තවත් 40,000ක් මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ඔවුන්ගෙන් 25,000කට ආසන්න පිරිසක් මෙරටට ගෙන්විය යුතුව සිටින බවත් එම කාර්යාංශය සඳහන් කරයි.

Next Post

මෙහෙම ව්‍යාපාරයක් කරන්න පුළුවන් වාතාවරණයක් අපි සැමට අද හෙටම උදා වේවා

Tue Jun 23 , 2020
මෙතෙක් රටේ පවතින වෙළඳාම් කිරීමේ සම්ප්‍රදාය වෙනස් කරමින් මාතර, ඌරුබොක්ක, කටුවන පාර පදිංචි රංජිත් කස්තුරිආරච්චි මහතා ස්වයං සේවා බුලත් විට අලෙවි කිරීමේ කුටියක් නිර්මාණය කර ඇත. මෙම කුටිය පවත්වාගෙන යනු ලබන්නේ ඌරුබොක්ක – කටුවන ප්‍රධාන මාර්ගයේ වරහකන්ද ගල් මෝල ආසන්නයේ ඒ මහතා පදිංචි නිවෙස අසලයි. මෙම වෙළෙඳසලේ මුදල් ගනුදෙනු සඳහා […]