මෙහෙම ව්‍යාපාරයක් කරන්න පුළුවන් වාතාවරණයක් අපි සැමට අද හෙටම උදා වේවා

මෙතෙක් රටේ පවතින වෙළඳාම් කිරීමේ සම්ප්‍රදාය වෙනස් කරමින් මාතර, ඌරුබොක්ක, කටුවන පාර පදිංචි රංජිත් කස්තුරිආරච්චි මහතා ස්වයං සේවා බුලත් විට අලෙවි කිරීමේ කුටියක් නිර්මාණය කර ඇත. මෙම කුටිය පවත්වාගෙන යනු ලබන්නේ ඌරුබොක්ක – කටුවන ප්‍රධාන මාර්ගයේ වරහකන්ද ගල් මෝල ආසන්නයේ ඒ මහතා පදිංචි නිවෙස අසලයි.

මෙම වෙළෙඳසලේ මුදල් ගනුදෙනු සඳහා කිසිම කෙනකු නොමැති අතර, බුලත් විට ගෙන මුදල් තබායෑමට එහි අවකාශය සලසා ඇත. මෙහි විශේෂත්වය වනුයේ රථ වාහන රියැදුරන්ට සිය රථයෙන් බිමට බසින්නේ නැතුව රථයේ රියැදුරු අසුනේ සිටම බුලත් විට ගන්න පුළුවන් ආකාරයට බුලත් විට තබා තිබීමයි.

ඒ අනුව උස අඩුවෙන්ම බුලත්විට තබා ඇත්තේ කාර්, ත්‍රීවීලර්, යතුරුපැදිකරුවන් සඳහාය. ඒ විට නම් කර තිබෙන්නේ කාර්,වීල් විට ලෙසයි. ඊළඟට ට්‍රක් රියැදුරන්ට බුලත් විට ලබා ගැනීම සඳහා තබා ඇති අතර එම බුලත් විට ට්‍රක් විට යනුවෙන් නම් කර ඇත.

ටිපර් රථ උසින් වැඩි බැවින් ඒ සඳහා රියැදුරන්ට බුලත් විට ලබා ගැනීමට පහසු වන ආකාරයට බුලත් විට තබා ඇති අතර එම බුලත් විට ටිපර් විට යනුවෙන් නම් කර ඇත. බුලත් විට ලබා ගැනීම සඳහා බුලත් විට කුටිය අසලම සිය රථය නතර කිරීමට හැකිවන ආකාරයෙන් කුටිය සකස් කර ඇත.

ස්වයං සේවා බුලත් කුටියක් ඉදි කිරීම සම්බන්ධව රංජිත් කස්තුරිආරච්චි මහතාගෙන් විමසීමේදී ඔහු මෙසේ පැවැසීය.රටේ ජනතාවට ස්වයං සේවා පිළිබඳව අවබෝධයක් ලබාදීම මූලික කර ගනිමින් ස්වයං සේවා බුලත් විට කුටියක් මම නිර්මාණය කළා.

ඊට අමතරව කිසියම් කාර්යයක නිරතව සිටියදී අමතර ආදායමක් ලබා ගැනීමට මම අදහස් කළා. මෙම බුලත් විට කුටියේ තබා ඇති බුලත් විටේ විශේෂත්වය වනුයේ සෞඛ්‍යයට අහිතකර දුම් කොළ නොමැතිව මහජනතාවට ලබා ගත හැකි වීමයි.

අතාවුද පතිරණ

Next Post

ලංකාවේ හමුදාවට බැදෙන්න සුදුසුකම් නැති වූ ඇමෙරිකානු හමුදාවට එක්වූ අපේ අනුජ්

Tue Jun 23 , 2020
අම්පාරේ උපත ලබා අමෙරිකානු හමුදාවට එක්වූ තරුණයෙකු පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වේ.මේ අමෙරිකානු සොල්දාදුවා අද දෙරණ රුපවාහිනියට කතා කළේ, මෙරට ඔහුගේ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලබාදෙමින්. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීම සිහිනයක් කරගත් තරුණයෙක්. නමුත් අනුජ්ට ඒ සිහිනය සැබෑ කරගන්න හැකිවුණේ නැත.ඒ යුද හමුදාවට බැඳීමට […]