අම්පාරේ උපත ලබා අමෙරිකානු හමුදාවට එක්වූ තරුණයෙකු පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ දැඩි කතාබහට ලක් වේ.මේ අමෙරිකානු සොල්දාදුවා අද දෙරණ රුපවාහිනියට කතා කළේ, මෙරට ඔහුගේ පළමු රූපවාහිනී සම්මුඛ සාකච්ඡාව ලබාදෙමින්.
ඒ ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීම සිහිනයක් කරගත් තරුණයෙක්. නමුත් අනුජ්ට ඒ සිහිනය සැබෑ කරගන්න හැකිවුණේ නැත.
ඒ යුද හමුදාවට බැඳීමට අවශ්‍ය ශරීර යෝග්‍යතා පරීක්ෂණය අසමත්වීම හේතුවෙන්. ඒ අනුව අම්පාර ගාමිණි විද්‍යාලයේ ඉගෙනු ලැබූ අනුජ්ට කුඩා කල සිටම තිබූ ආශාව අත්හැරීමට සිදු විය.
කොළඹ අශෝක විද්‍යාලයෙන් උසස් පෙළ හදාරා තිබූ අනුජ් පසුව රැකියාවක් සඳහා විදෙස් ගත විය. බලාපොරොත්තු කඩවුනත් ඔහුගේ සිතේ පැලපදියම්ව තිබූ සොල්ලාදු සිහිනය මැකී ගොස් තිබුණේ නැත. ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීමට නොහැකි වූ අනුජ්ට අමෙරිකානු හමුදාවට බැඳීමට අවස්ථාව හිමි විය. අම්පාරෙන් කොළඹ ඇවිත් ටෙක්සාස් ගිය අනුජ් දැන් අමෙරිකානු හමුදාවේ අපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ කාර්මික නිලධාරියෙක්.
වීඩියෝව පහතින් නරඹන්න – වීඩියෝ උපුටාගැනීම අද දෙරණ