ගහන්න අත්පුඩියක් රජයට

ම ත් වෙලදාම් වලට සම්බන්ධ සැකකරුවන්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමටත්, දේපොළ රාජසන්තක කිරීමටත් පියවර ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

මෙම ක්‍රියාදාමයේ පළමු පියවර වශයෙන් ම ත් වෙලදාමෙන් රුපියල් කෝටි සිය ගණනක මුදල් හා දේපළ උපයාගෙන ඇති දිවයිනේ නමගිය අපරාධකරුවන් 23 දෙනකුගේ දේපළ රාජසන්තක කිරීමට ආණ්ඩුව නීතිමය පියවර ගනිමින් සිටින බව වාර්තා වේ.

මොවුන්ගෙන් පිරිසක් දැනටමත් විදේශයන්හි සැඟවී සිටින බවට තොරතුරු ලැබී තිබේ. 2006 අංක 05 දරණ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අනුව ඉහත පියවර ගන්නා බව නීතිය හා සාමය අමාත්‍යාංශය පවසයි.

මෙම ව්‍යාපාරවලට හා සංවිධානාත්මක අප රාධවලට එරෙහිව සිදුකරන විමර්ශන හා මෙහෙයුම් ඔස්සේ මෙම සැකකරුවන්ගේ නම් ගම් හා තොරතුරු අනාවරණය වී තිබේ. රජය මේ ගැන සකස් කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනය සකස් කරන තෙක් මේ අයගේ නම් ගම් හෙළිදරව් නොකිරීමටද තීරණයක් ගෙන ඇතැයි සඳහන්ය.

Next Post

රට විරුවන් නිසා රජය ලෝක අමාරුවක - දැනට 8000ක් ඇවිත් 40000ක් පෝලිමේ

Tue Jun 23 , 2020
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබෙන ප්‍රේෂණ ඉකුත් අප්‍රේල් මාසයේදී 32.3% කින් පහත වැටී ඇත.පසුගිය වසරේ අප්‍රේල් මාසය හා සැසඳීමේදී මේ වසරේ අප්‍රේල් මාසයේදී විදෙස් ගත ශ්‍රී ලංකිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 375ක් දක්වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව […]

Breaking News