හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් පසුගියදා කළ ආනෝදාලනාත්මක ප්‍රකාශය ගැන ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ඔහුට CID යට පැමිණෙන ලෙස දන්වා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.
අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ කරුණා අම්මාන් නීතියට ගරු කරමින් ප්‍රකාශය සටහන් කර ගැනිමට CID යට පැමිණෙන ඇති බවයි.
කෙසේ වෙතත් අද දිනයේ පස්වරු 4.00 වන විටත් ඔහු අපරාධ පරික්ෂණ දොපර්තමේන්තුවට ඉදිරිපත්ව නොසිටි බවද ඔහු සඳහන් කළේය.අසනීප තත්ත්වයක් හේතුවෙන් තමන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිය නොහැකි බව කරුණා අම්මාන් සිය නීතිඥයා මාර්ගයෙන් එම දෙපාර්තමේන්තුවට දන්වා තිබෙනවා.තමන් සුව වූ පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.
හමුදාවේ දහස් ගණනක් නැති කල බවට කරුණා අම්මාන් කර තිබෙන මතභේදාත්මක ප්‍රකාශය මත කරුණා අම්මාන්ට එල්ල වන විරෝධය මැඩපවත්වා ඔහුව ආරක්ෂා කිරීමට පොදුජන පෙරමුණෙන් ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන විමල් විරවංශ, එස්.බී.දිසානායක සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් කටයුතු කරමින් සිටියි.
විමල් විරවංශ මහතා ප්‍රකාශ කරන්නේ දේවදත්තගේ පෙර වැරදි අමතක කළා නම් කරුණා අම්මාන් කර තිබෙන පෙර වැරදිද අමතක කළ හැකි බවත් වාද්දුවේදී තුවක්කු අරන් ගිය ටිල්වින් සිල්වලා කර තිබෙන වැරදිද දැන් අමතක කර තිබෙන බවය.
එස්.බී. දිසානායක මහතා සඳහන් කරන්නේ කරුණා අම්මාන් යුධ සමයේදීම පෙර වැරදි වලින් මිදී රජයේ සාක්ෂිකරුවෙකු ලෙස කටයුතු කළ බවය.
නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ රෑට ආප්ප කා උදේ වැඩේ දුන්නා වගේ නොව ප්‍රසිද්ධියේම එල්ටිටියෙන් ඉවත් වී කොටි සංවිධානයට එරෙහිව සටන් කළ බවය.