එන්ජින් ධාරිතාව සීසී 450 ත් 1001 ත් අතර යතුරු පැදි ලියාපදිංචි කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 8 ක අධි භාරයක් පැනවීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇත.
මේ සඳහා අනුමැතිය ඉල්ලා ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ද යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
මෙරට වාර්තා වල ධාවනය කරන යතුරු පැදිවල එන්ජින් ධාරිතාව සීසී 1000 නොඉක්මවිය යුතු බවට 2014 වසරේදී ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව සීසී 1000 දක්වා යතුරුපැදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ලියාපදිංචි කරනු ලැබ ඇත.
ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු වුවද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට එවකට නොහැකි වී ඇත.
මේ අතර එන්ජින් ධාරිතාව සීසී 450 ට වැඩි යතුරු පැදි ලියාපදිංචි කිරීම අත් හිටුවන ලෙස 2016 වසරේදී කැබිනට් මණ්ඩලය ගත් තීන්දුවකට අනුව මෝටර් රථ කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබිණි.
මේ තත්ත්වය හමුවේ මෙරටට ගෙන්වා ලියාපදිංචි නොකළ සීසී 450 ත් 1000ත් අතර යතුරු පැදි භාවිත කරුවන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බැවින් අධි භාරයක් පනවා ඒවා ලියාපදිංචි කිරීමට අවසර දෙන්නැයි ඇමැතිවරයා රජයෙන් ඉල්ලීමක් කර ඇත.