අන්ඩර්ටේකර් (Undertaker) කියන චරිතය ගැන නොදන්න රෙස්ලිං ලෝලියෙක් ඉන්නව වෙන්න බැහැ. අන්ඩර්ටේකර් කියන්නෙ රෙස්ලිං වල එක්තරා යුගයක් කියල හඳුන්වන එක වැරදි වෙන එකක් නැහැ.
ලොවපුරා රෙස්ලිං ලෝලීන් ගේ ආදරයට පාත්ර වූ ජනප්රියතම රෙස්ලිං ක්රීඩකයෙකු වන ‘අන්ඩර්ටේකර්’, රෙස්ලින් වළල්ලට සමුදෙන බවට ප්රකාශ කර තිබේ.
දශක තුනකට වැඩි කාලයක් පුරාවට WWE සමග දිදුලන රෙස්ලින් වෘත්තියෙන් තමා සමුගන්නා බවට ඔහු පවසා සිටියේ ‘අන්ඩර්ටේකර් : ද ලාස්ට් රයිඩ්’ (Undertaker: The Last Ride) නමින් සිදුකෙරුණු ඔහු පිළිබඳ වාර්තාමය වැඩසටහනේ පස්වැනි හා අවසන් කොටසේදීය.
සුවහසක් රෙස්ලිං ලෝලීන් අතර ‘අන්ඩර්ටේකර්’ ලෙස ජනප්රිය වුවත් ඔහුගේ සැබෑ නම මාක් විලියම් කැලවේ ය.“මගේ ජීවිතය හා වෘත්තිය තුළ මේ මොහොතේදී, මට යළිත් රෙස්ලින් වළල්ලට පැමිණීමට කැමැත්තක් නැහැ.
මට ජයගන්න, ලබාගන්න තවත් කිසිවක් ඉතිරිව නැහැ. මේ නව ක්රීඩකයන් පැමිණීමට කාලයයි. නිවැරදිම වේලාව මෙයයි. මා සිතන්නේ එය අවබෝධ කරගැනීමට මේ වාර්තාමය වැඩසටහ ඉවහල් වුණා,” යැයි ඔහු පැවසීය.
මේ අතර, WWE ද ට්විටර් පණිවිඩයක් මගින් ‘අන්ඩර්ටේකර්’ හට තුති පුදා තිබුණි. ඔවුන් එක්කර ඇති පණිවිඩයට මාක් ගේ අසමසම වෘත්තියේ සුවිශේෂී අවස්ථා විදහා දැක්වූ ඡායාරූපද එක්කර තිබුණේ මෙසේය.