මහ රෑ බයිබලයෙන් උපමා ගෙන හරින් අගරදගුරුතුමන්ට උත්තර බදියි – රනිල් – මෛත්‍රී මහින්දටත් දොස්

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ඇති අවමන් සහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය නිවේදන දෙකක් නිකුත් කරමින් කියා සිටී.

හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ප්‍රකාශය නිවැරදි කිරීමටත් අපහාසයට සමාව ගැනීමටත් අදාළ අය කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

මෙයට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය හරින ප්‍රනාන්දු මහතා තම නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත. එම උපුටාගැනීම පහතින්

අද මේ වන විට මෙලේච්ච පාස්කු ප්‍රහාරය පිලිබදව සියලු කරැනු මත ඔප්පු වී ඇත්තේ රටේ එවකට ජනාධිපති මයිත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ , හිටපු ජනාධිපති සහ මෙවර පොහොට්ටුවේ අගමැති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු වගකිව යුතු බොහෝ දෙනක් මේ පිලිබදව දැනුවත් වී තිබූ බවයි.

නමුත් දැඩි අසනීප තත්වය මත රෝගීව සිටි මාගේ පියාගේ කියමනක් කරනකොට ගෙන මාගෙන් කිසිම විමසීමක් නොකට අති උතුම් ගරැ කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් කලාවූ ඒ ප්‍රකාශය පිලිබදව මා දැඩිලෙස කලකිරීමටත් කනස්සල්ලට පත්ව සිටින බව සත්‍යකි.කතෝලිකයකු වන මා සබා සම්ප්‍රදායට අනුව යම් ප්‍රකාශක් හෝ වරදක් කල ඇත්නම් මා දේවස්ථානය ට කැදවා ඒ පිලිබදව විමර්ශනය කොට නිවැරැදි කරැනු විමසා මා වරදක් කල ඇත්නම් ඒ පිලිබදව අවවාද දීමටට මාගේ නිර්ද්‍රෝශ බව ඔප්පු වුවහොත් ඒ වෙනුවෙන් ශුද්ධ වූ සබාව සාක්ශි දරනු ඇති බවත් මා බලාපොරොත්තු වුනෙමු.ඒ පිලිබදව මා උගත් ශුද්ධ වූ බයිබලයේ පවසන්නේ මෙසේය
Matthew 18:15-17

15 “If your brother or sister sins, go and point out their fault, just between the two of you. If they listen to you, you have won them over. 16 But if they will not listen, take one or two others along, so that ‘every matter may be established by the testimony of two or three witnesses.’ 17 If they still refuse to listen, tell it to the church; and if they refuse to listen even to the church, treat them as you would a pagan or a tax collector.

ශුද්ධ වූ බයිබලයේ පවසා ඇති පරිදි කිසි තැනක හිරැ නාලිකාව ට හෝ දෙරණ නාලිකාවට හෝ පුවත්පත් සාකච්චා පවත්වා ප්‍රශ්න කියන්නට කියා නැත.
එයට හේතුව දේව දාසයන් සම්බන්ධ විය යුත්තේ දෙවියන්වහන්සේ සමග මිස ලෝක නායකයින් සමග නොවේ.

කුඩා කලසිටම මා පල්ලිය යන මා ඉගනගත්තේ සතුරන්ට ප්‍රේමකිරීම, සමාව දීම මිසක් තවත් කෙනෙකු ගැන ද්වේශයක් උපදින දේ හෝ පලිගැනීම් ගැන නොවෙයි.දඩුවම් දීම දෙවියන්වහන්සේ ගේ කාර්‍යයන් වන අතර කිසිම කෙනෙකු විනිශ්චය කිරීමේ අයිතියක් කතෝලිකයන් වන අපට නැත.ශ්‍රී ලංකාවේ කතෝලික සබාවේ ජේශ්ඨ පියතුමන්ලා අපක්ෂපාතීව මේ පිලිබදව කරැනු සොයාබලා මාගෙන් අදහස් විමසනු ඇතැයි
මා බලාපොරොත්තු වෙනවා.

එලසම මා විසින් අති උතුම් කාඩිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ගේ ගැන ඉදිරිපත් කල ප්‍රකාශය මාද කනගාටුවට පත් වන අතර එය මාගේ පුද්ගලික අදහසයි

Next Post

450 cc බයික් පදින්න දැන් පුළුවන් - හැබැයි ලියාපදිංචියට ගෙවන්න ඕනේ තරු පෙනෙන ගණන් මෙන්න

Tue Jun 23 , 2020
එන්ජින් ධාරිතාව සීසී 450 ත් 1001 ත් අතර යතුරු පැදි ලියාපදිංචි කිරීමේදී ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 8 ක අධි භාරයක් පැනවීමට ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය රජයට යෝජනා කර ඇත. මේ සඳහා අනුමැතිය ඉල්ලා ප්‍රවාහන සේවා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා කැබිනට් මණ්ඩලයට ද […]

Breaking News