රියදුරු බලපත් ඇති අයට විශේෂ දැනුම්දීමක්…. ගැසට් නිවේදනයත් නිකුත් කරයි

කොවිඩ් 19 වසංගත තත්තවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවනු ලැබු ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ අද(22) දින සිට යළි ආරම්භ විය.

දෙපාර්තමේන්තු පරිශ්‍රය වෙත එකවර විශාල සේවාලාභීන් ප්‍රමාණයක් එක් රැස්වීමේ අවදානම් තත්ත්වය පිළිබඳ සලකා සීමිත සේවාලාභීන් පිරිසකට විශේෂ වැඩපිළිවෙළක් යටතේ හැඳුනුම්පත් නිකුත් කිරීමට එම නිලධාරීන් පියවර ගෙන තිබේ.

එහි පළමු අදියර යටතේ බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් දිනකට සේවාලාභීන් 250කටත්, ගාල්ලේ පිහිටි දකුණු පළාත් කාර්යාලය මඟින් දිනකට සේවාලාභීන් 50කටත් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට කටයුතු සුදානම් කර ඇත.

මේ වසරේ මාර්තු 16 සහ ජුනි 30 වන දා දක්වා කාලය තුළදී වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන්වීමට නියමිත දිනයේ සිට මාස 6 කින් දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

2020 ජූලි මස පළමුවන දා සිට සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය අතරතුර වලංගු කාලය අවසන් වන සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලය එය අවසන් වන දිනයේ සිට මාස 3 ක කාලයකින් ද දීර්ඝ කර තිබේ.

මෙම නියමයන් ඇතුළත් ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. අලහකෝන් මහතා ප්‍රකාශ කළේය.

Next Post

ලොවපුරා රෙස්ලිං ලෝලීන් ගේ ආදරයට පාත්‍ර වූ 'අන්ඩර්ටේකර්' ගැන සංවේදී පුවතක්....

Mon Jun 22 , 2020
අන්ඩර්ටේකර් (Undertaker) කියන චරිතය ගැන නොදන්න රෙස්ලිං ලෝලියෙක් ඉන්නව වෙන්න බැහැ. අන්ඩර්ටේකර් කියන්නෙ රෙස්ලිං වල එක්තරා යුගයක් කියල හඳුන්වන එක වැරදි වෙන එකක් නැහැ. ලොවපුරා රෙස්ලිං ලෝලීන් ගේ ආදරයට පාත්‍ර වූ ජනප්‍රියතම රෙස්ලිං ක්‍රීඩකයෙකු වන ‘අන්ඩර්ටේකර්’, රෙස්ලින් වළල්ලට සමුදෙන බවට ප්‍රකාශ කර තිබේ. දශක තුනකට වැඩි කාලයක් පුරාවට WWE සමග දිදුලන […]

Breaking News