සජිත් සමාව අයැදියි – කතෝලික සභාවෙන් හරින්ට දුන්න සැර පිළිතුර මෙන්න

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා මැතිවරණ රැළියකදී සිදුකළ ප්‍රකාශය හේතුවෙන් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට සිත් තැවුලක්, අගෞරවයක් සිදු වූ බවට තමන් විශ්වාස කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් අගරදගුරු හිමිපාණන්ගෙන් සමාව අයැද සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් පැවසුවේ.

මේ අතර, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ලාල් පුෂ්පදේව ප්‍රනාන්දු නි. ම. නි. පියතුමා නිවේදනයක් නිකුත් කරමින් පසවන්නේ ක්‍රිස්තු අනුගාමිකයෙකු වශයෙන් කාදිනල් හිමිපාණන්ගේ කාර්යය අවබෝධ කරගෙන කටයුතු කරනවා විනා දේශපාලන න්‍යාය පත්‍ර උදෙසා උන්වහන්සේ ඉලක්ක කොට එල්ළ කරන මඩ ගැසීම් නතර කරන ලෙසයි.

හරීන් ප්‍රනාන්දු මහතා තම මහජන නියෝජිත වගකීම ඉටු කළේ නම් කාදිනල් හිමිපාණන්ට යුක්තිය ඉල්ලා සිවිල් කටයුතුවලට මැදිහත්වීමට සිදුනොවනු ඇති බව පෙන්වා දෙන උන් වහන්සේ තවදුරටත් ප්‍රශ්න කරනුයේ කාදිනල් හිමිපාණන් තම සැඳහවතුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලීම වැරදි ද යන්නයි.

එසේම, “කතෝලික අනුගාමිකයෙකු ලෙසවත් හෘදසාක්ෂියට එකඟව මෙම ප්‍රහාරය වළක්වා ගන්නට හා ප්‍රහාරයෙන් පසුවවත් එය විහිළුවට නොගෙන මියගිය හා තුවාල ලැබූවන් වෙනුවෙන් පෙනී සිටිමින් යුක්තිය හා සාධාරණය ඉල්ලා කැපවන්නට හරීන් මහතාට තිබුණා නොවේද? අවම වශයෙන් තමන් දැරූ ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වී වගකිව යුත්තන්ට බලපෑමක් කළ යුතුව තිබුණා නොවේද? එසේ වූවා නම් හරීන් මහතා මෙන් කාදිනල් හිමිපාණන්ට පරිභව කරන අපහාස කරන ඇත්තවුන් කියන විදිහට කාදිනල් හිමිපාණන්ට වැඩක් බලාගෙන ඉන්න තිබුණා නොවේද?” යනුවෙන් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.

මේ අතර, කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදයෙන් ද හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රකාශය සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කතෝලික සභාවේ නායකත්වයට පහර එල්ළ කිරීමට හරින් ප්‍රනාන්දු මහතා ගත් උත්සාහය නිවැරදි කිරීමට අදාළ අංශ වහාම පියවර ගතයුතු බවත්, ඉන් කතෝලික සසුන් නායකත්වයට සහ කතෝලික ප්‍රජාවට සිදු වූ අපහාසයට සමාව ලබා ගත යුතු බවත් එහි සඳහන්.

Next Post

මහ රෑ බයිබලයෙන් උපමා ගෙන හරින් අගරදගුරුතුමන්ට උත්තර බදියි - රනිල් - මෛත්‍රී මහින්දටත් දොස්

Mon Jun 22 , 2020
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ඇති අවමන් සහගත හා පදනම් විරහිත ප්‍රකාශය තරයේ හෙළා දකින බව ශ්‍රී ලංකා කතෝලික සභාව සහ කොළඹ අගරදගුරු පදවි කතෝලික පූජක සංසදය නිවේදන දෙකක් නිකුත් කරමින් කියා සිටී. හරීන් ප්‍රනාන්දු මහතා විසින් කර ප්‍රකාශය නිවැරදි කිරීමටත් […]

Breaking News