ජන්දේ තිබ්බට ප්‍රතිපල එදාට නෑ – පෝස්ටර් කටවුට් ගහලා අහුවෙන්න එපා – මැ.කො

මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

අද (21) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා, දිස්ත්‍රික් ලේකම් තිස්ස කරුණාරත්න මහතා සහ මැතිවරණ කටයුතු සඳහා සම්බන්ධ වන මහනුවර දිස්ත්‍රික්කයේ රජයේ නිලධාරීන් හමුවුණි.

මහ මැතිවරණය පවත්වන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.පෝස්ටර් කටවුට් ඇතුළු අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තුවක් නොමැතිව පොලිස් අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මේ අතර විශේෂ පෙරහුරු මැතිවරණ කිහිපයක් ඊයේත් දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය නිර්දේශ අනුගමනය කරමින්.විශේෂ පෙරහුරු මැතිවරණ ඊයේ පැවැත්වුණේ, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමසිංහපුර ප්‍රජා ශාලාවේදී සහ දෙමටගොඩ සාම විහාරයේදීයි.

මෙම පෙරහුරු මැතිවරණවල අරමුණ වන්නේ, සෞඛ්‍යාරක්ෂිත ලෙස ඡන්ද භාවිතය සහ එක් ඡන්ද දායකයෙකුට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගත වන කාලය පිළිබඳව අදහසක් ගැනීමයි.ඡන්ද දායකයන් 400ක් පමණ මෙම පෙරහුරු මැතිවරණ දෙක සඳහා සහභාගී වී සිටියේය.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට CCTV කැමරා යෙදවීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.

මෙවර ඡන්දය පැවැත්වෙන අගෝස්තු 05 වැනිදා ඡන්දය ගණන් නොකිරීමට ගෙන ඇති තීරණයට අනුව සියලු ඡන්ද පෙට්ටි අදාළ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ගෙනැවිත් දැඩි ආරක්ෂාවක් ලබාදීමට මැතිවරණ කොමිසම සැලැසුම්කර ඇත.

Next Post

ඒලියන්න වයිට් කොරෝනා ප්‍රථිකාර සොයාගනී ?

Sun Jun 21 , 2020
මේ වසරේ දී කොරෝනා වයිරස් එන්නත් මාත්‍රා මිලියන සිය ගණනක් සහ 2021 අවසන් වන විට බිලියන දෙකක් නිපදවිය හැකි යයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වන බව ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් බ්‍රහස්පතින්දා (18) පැවසුවාය. එන්නතක් අනුමත වූ පසු පළමු මාත්‍රා ලබා ගත යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය […]

Breaking News