ඒලියන්න වයිට් කොරෝනා ප්‍රථිකාර සොයාගනී ?

මේ වසරේ දී කොරෝනා වයිරස් එන්නත් මාත්‍රා මිලියන සිය ගණනක් සහ 2021 අවසන් වන විට බිලියන දෙකක් නිපදවිය හැකි යයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු වන බව ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් බ්‍රහස්පතින්දා (18) පැවසුවාය.

එන්නතක් අනුමත වූ පසු පළමු මාත්‍රා ලබා ගත යුත්තේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සැලසුම් කරමින් සිටින බව ඇය පැවසුවාය.

වෛද්‍යවරුන්.රෝහල් සේවකයින්, වයස හෝ වෙනත් රෝගාබාධ හේතුවෙන් අවදානමට ලක් විය හැකි අය, සහ බන්ධනාගාර හා රැකවරණ නිවාස වැනි රෝග බෝ වීමේ ඉඩකඩ වැඩි ස්ථානවල සේවය කරන හෝ ජීවත් වන අයට ප්‍රමුඛතාවය දෙනු ලැබේ.

එන්නත් 10ක් පමණ දැන් මිනිසුන් යොදා පරීක්ෂණ කරනවා..
“මා බලාපොරොත්තු වෙනවා, මා සුභවාදීව සිතනවා. නමුත් එන්නතක් නිපදවීම සංකීර්ණ කටයුත්තක්, එහි බොහොම අවිනිශ්චිතතා තියෙනවා,” ඇය පැවසීය. “හොඳ පැත්ත නම්, අපට බොහෝ එන්නත් මෙන්ම අදහසුත් තියෙනවා, එබැවින් පළමු එක අසමත් වුවහොත් නැති නම් දෙවැන්න අසමත් වුවත්, අපේ බලාපොරොත්තු නැති වන්නේ නැහැ, අපි උත්සාහය අත් නොහැරිය යුතුයි.”

ඉදිරි මාස කිහිපය තුළ දී ආසාදන වැළැක්වීම සඳහා භාවිතා කළ හැකිය යන බලාපොරොත්තුව ඇතිව, එන්නත් 10ක් පමණ දැන් මිනිසුන් යොදා ගනිමින් පරීක්ෂාවට ලක්වෙමින් ඇත. කිසියම් එන්නතක සාර්ථක බව ඔප්පු වීමටත් පෙර සමහර රටවල් එන්නත් මාත්‍රා ඇණවුම් කිරීම සඳහා ඖෂධ සමාගම් සමග ගනුදෙනු කිරීමට පටන් ගෙන තිබේ.

කොරෝනා වැලදීමෙන් මහා මාස එකහමාරක කාලයක් පීඩා විඳිමින් සිටි මෙරට ගුවන් සේවිකාවක් තමන් විසින් පැය 12ක් ඇතුලත සුවපත් කළ බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරයි.

තමන් විසින් කුණ්ඩලීකරන ශක්තිය භාවිතා කරමින් ඇය සුවපත් කළ බවද කොරෝනා හා සමාන වෛරසයකට ප්‍රතිකාර සොයාගෙන අවුරුදු අසූ තුන්දාහක් ආපස්සට ගමන් කළ බවද ඔහු පවසයි.

ශ‍්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කිරීම සඳහා ජනාධිපතිවරයා අගමැති ඇතුළු සෞඛ්‍ය අංශ නියෝජිතයන් සියලුම ආරක්ෂක අංශ කැප වූ බවත් ඒ සියලුදෙනාටම එහි ගෞරවය හිමිවිය යුතු බවත් ශ්‍රී ලංකාවේ විශාල ම කොරෝනා පොකුර සුව කිරීමට තමන්ද ආශිර්වාද කල බවත් ඔහු තවදුරටත් සඳහන් කරයි.

රෝගය සුව කිරීමේ තම වැඩසටහනේ සාර්ථකත්වය ඉන්දියාව දැනගෙන ඇති බවත් ඒ නිසා ඉන්දියාව තමනට ආරාධනා කර ඇති බවත් ඔහු කියහා සිටී.

ඒ අනුව ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා නීත්‍යානුකූල පසුබිම සකස් වෙමින් ඇති බවත් දෙරට අතර පවතින නීති රීති ගැන අවධානය යොමු කර සුදුසු පියවර ගනිමින් සිටින බවත් ඔහු කියයි.

ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ සති අන්ත පුවත්පතක් වෙත අදහස් පල කරමිනි.

උපුටාගැනීම – දිවයින පුවත්පතින්

Next Post

බ්‍රේක් එක වෙනුවට ඇක්සලේටරය පෑගිලා - කහ ඉරේදී ප්‍රවීණ රංගන ශිල්පීයාගේ රියේ හැපුණු මව - දුව රෝහලේ.ලයිසන් එක අත්හිටුවයි

Mon Jun 22 , 2020
කළුබෝවිල දකුණු කොළඹ ශික්‍ෂණ රෝහල ඉදිරිපිට පදික මාරුවේදී ප්‍රවීණ රංගන ශිල්පී විජේරත්න වරකාගොඩ මහතාගේ මෝටර් රථයට සය හැවිරිදි දැරියක් සහ මවක් (40) යටවී තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි කොහුවල පොලිසිය පවසයි. 19 වැනිදා සිදුවූ අනතුරින් දැරියගේ පාදවලට හානි සිදුවී ඇතැයි කළුබෝවිල රෝහල් පොලිසියේ නිලධාරියෙක් ඊයේ (21 වැනිදා) පැවැසීය.අනතුරින් තුවාල ලැබූ […]