මුල්කිරිගල විහාරයේ කදු මුදුනට අපේ ගුවන් හමුදාව වැඩම වූ ශෛලමය ප්‍රතිමා වහන්සේ – අති දුර්ලභ දසුනක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරිත්‍යාග කරන ලද ශෛලමය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඊයේ මුල්කිරිගල රජමහා විහාරස්ථානය වෙත ගුවනින් වැඩම කරවී ය.ගුවන් හමුදාව මුල්කිරිගල රාජමහා විහාර පර්වත මුදුනේ තැන්පත් කිරීම සඳහා මෙම ශෛලමය ප්‍රතිමා වහන්සේ වැඩම කරවනු ලැබුවේ, එම්. අයි. 17 වර්ගයේ හෙළිකොප්ටර් යානායක් යොදා ගනිමිනි.

වීරකැටිය රාජපක්ෂ ක්‍රීඩාංගණයේ සිට ගුවන් සැතපුම් 3 කට ආසන්න දුරක් ගුවනින් වැඩම කරවූ අඩි 8 උසින් යුත් මෙම බුද්ධ ප්‍රතිමාවේ බර කිලෝ ග‍්‍රෑම් 3500 ආසන්න ය.

මේ අතර ගුවන් හමුදා ඉතිහාසයේ එම්. අයි .17 (MI 17 Helicopter) යානයකින් වැඩිම බර ප‍්‍රමණයක් රැගෙන ගිය අවස්ථාව ද මෙය වේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් හා අධීක්ෂණය යටතේ සිදුකළ මෙම මහඟු පිං කටයුත්ත සඳහා ගුවන් හමුදා නිලධාරීන් 20 ක පමණ පිරිසක් එක්ව සිටියහ.

විහාර පර්වත මුදුනේ තැන්පත් කෙරුණු ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පූජෝත්සවය ඇසළ පුන් පොහෝදා සිදු කිරීමට නියමිතයි.

වීඩියෝව පහතින් නරඹන්න – උපුටාගැනීම සිරස news first

Next Post

ජන්දේ තිබ්බට ප්‍රතිපල එදාට නෑ - පෝස්ටර් කටවුට් ගහලා අහුවෙන්න එපා - මැ.කො

Sun Jun 21 , 2020
මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය. අද (21) පෙරවරුවේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණි මැතිවරණ කොමිසමේ […]