රැල්ලට යන්න කලින් පොඩ්ඩක් හිතන්න

ඔබ වයස් ගත වූ විට ඔබේ පෙනුම කෙබඳු දැයි බැලීමට ඔබට ඉඩ සලසන ෆේස්ඇප් යෙදුමෙහි නවතම යාවත්කාලීනය මඟින් එහි පරිශීලකයින්ට ඔවුන්ගේ කාන්තා හෝ පිරිමි පෙනුම කෙබඳුදැයි පෙන්වයි.

මේ හේතුවෙන් සමාජ මාධ්‍ය වෙබ් අඩවි තුළ යළිත්, FACEAPP රැල්ලක් හටගනිමින් තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

මුහුණු හඳුනා ගැනීම (Facial Recognition) මූලික වශයෙන් මුරපද සත්‍යාපනය සඳහා භාවිතා කරන තාක්ෂණයක් බැවින්, තෙවන පාර්ශවයන් සමග ඡායාරූප බෙදා ගැනීමේදී අදාළ යෙදුමෙහි පරිශීලකයින් ඉතා ප්‍රවේශම් විය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුම් දී තිබේ.

මෙම යෙදුම රැල්ලට භාවිතා කිරීමට ප්‍රථම එම යෙදුමට අදාළ පෞද්ගලික ප්‍රතිපත්තී මාළාවන් පරිශීලනය කොට එම යෙදුම් භාවිතා කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය වැඩිදුරටත් පැවසීය.

Next Post

ගුවන් මගීන්ට වතුර බෝතලයක් පමණයි

Fri Jun 19 , 2020
කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ. මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන […]

Breaking News