රටින් ආපු ඇඩ්‍රස් නැති පාර්සල් 45000ට අත්වන ඉරණම මෙන්න – ඔබ ඇනවුම් කරපු භාණ්ඩත් මෙතැනද?

විදේශයන්හි සිට ලැබුණු පාර්සල් 45,000ක පමණ ලිපින මැකී ගොස් ඇත්තේ ඒවා මුද්‍රණයට භාවිතා කර ඇති ක්‍රමවේදයේ පවතින දෝෂ නිසා යැයි නියෝජ්‍ය තැපැල්පති තුසිත හුළංගමුව මහතා පැවසීය.

මේ පාර්සල් ගුවන් තැපෑලට භාර දී මාස තුනකට වඩා ගතවී ඇති බවත්, ගුවන් ගමන් ක්‍රියාත්මක නොවීම නිසා නෞකාවක් මගින් එවීමේදී කාලය ගතවීම සමඟ පාර්සල් මත මුද්‍රණය කර තිබූ ලිපින මැකී ගොස් ඇති බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා කීවේය.

එම පාර්සල් මත අලවා ඇති ලිපින මුද්‍රණය කිරීමට යොදාගෙන ඇති ක්‍රමවේදය අනුව එම ලිපිනවල අකුරු මාස කිහිපයක් යාමේදී මැකීයාම සාමාන්‍ය තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

මෙම ලිපින මැකී ගොස් ඇති පාර්සල් හිමිකරුවන්ට ලබාදීම සඳහා මේ වන විට පියවර ගනිමින් සිටින බව ද නියෝජ්‍ය තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

ඔහු මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ වන විටත් එම පාර්සල්වල කේත (barcode) අංක එම පාර්සල් එවූ මැලේසියානු තැපැල් පරිපාලනය වෙත යවා තිබෙන බවත්, ඒ හරහා මෙම පාර්සල් හිමියන්ගේ ලිපින ලබාගැනීමට හැකිවනු ඇතැයි අපේක්‍ෂා කරන බවත් නියෝජ්‍ය තැපැල්පතිවරයා සඳහන් කළේය.

අන්තර්ජාලය හරහා විදෙශයන්ගෙන් අයදුම් කළ භාණ්ඩ තොගයක් මෙසේ ලැබී ඇති බව ද හෙතෙම ප්‍රකාශ කළේය.

ලිපනවලින් අඩක් පමණක් මැකීගොස් ඇති නමුත් ඉතා අපහසුවෙන් කියවාගත හැකි පාර්සල් 5000ක් පමණ මේ අතර තිබෙන බව කී හුලංගමුව මහතා ඒවා හැකි ඉක්මනින් අයිතිකරුවන් වෙත බෙදීමට කටයුතු කරන බව ද කීවේය.

Next Post

කොරෝනා වෛරසය පටන් ගත්තේ කොහෙන්ද? ඉතාලි විද්‍යාඥයින් කණ්ඩායමක් සොයාගනියි

Sat Jun 20 , 2020
ඉතාලියේ  ප්‍රථම කොරෝනා ආසාදිතයා ඉකුත් පෙබරවාරි මැද භාගයේදී හඳුනාගනු  ලැබුවද ඉකුත් දෙසැම්බර් 18 වැනිදා එරට මිලාන් හා ටියුරින් යන නගර දෙකේ නිවෙස්වලින් ඉවතලන ලද අපද්‍රව්‍ය  සහිත ජලයේ  තිබී   කොරෝනා වෛරසයේ ජානවල  සලකුණු  හඳුනාගැනීමට ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනයේ විද්‍යාඥයින් කණ්ඩායමකට හැකි වී තිබේ.  මේ අනුව ඉහත කී අපද්‍රවය සහිත ජලයේ තිබී […]