ලංගම – පෞද්ගලික බස් වල යන ඔබට සුබ ආරංචියක් මෙන්න

ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ.

ඇතැම් පුද්ගලික බස් රථ  මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන   හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා ද සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහාත් මගී ජනතාවගේ කාලය කළමනාකරණය සඳහාත් ජංගම දුරකථන සඳහා  සුදුසු යෙදවුමක් හඳුන්වා දෙන ලෙස ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික ගමනාගමන කොමිසමට උපදෙස් දි තිබුනි.

ඒ  අනුව  ජංගම දුරකථන යෙදවුමක් නිර්මාණය කිරීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගත්තේය.

මගී ප්‍රවාහන  සේවා කඩිනම් කිරීම හා විධිමත් කිරීම සඳහාත් ඇතැම් මගීන්ට බස් රථ පැමිණෙන තෙක් බලා නොසිට බස් රථය පැමිණෙන්නේද? නැද්ද යන්නත්, තමන් ගමන් කිරීමට අපේක්ෂිත වේලාවට පැමිණෙන බස් රථය ඒ වනවිටත් පවතින ස්ථානය Location  හඳුනාගැනීම සඳහාත් මෙම යෙදවුම මගින් පහසුකම් සැලසීම තම අරමුණ බව ජාතික ගමනාගමන කොමිසම පවසයි.

ඒ  අනුව මෙම ජංගම දුරකථන යෙදවුම සකස් කිරීම මේ වනවිට අවසන් කර තිබෙන අතර එම යෙදවුම මගී ජනතාවට හඳුන්වා දීම ලබන සතියේ දී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික ගමනාගමන කොමිසමේ සභාපති ශෂි වෙල්ගම මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.

Next Post

රුවන්මැලි සෑයේ පැරණි කොත මහජන ප්‍රදර්ශනයට - ජායාරූප

Fri Jun 19 , 2020
රුවන්මැලි මහ සෑයේ පැරණි චූඩාමාණික්‍යය  රටට ත්‍රිවිධාකාරයේ විටිනාකමක් ලබාදෙන බව රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක නාහිමියෝ පැවැසූහ. පැරණි චූඩා මාණික්‍ය මහ සෑ මළුවේ මහජන ප්‍රද්ශනය සඳහා තැන්පත්කිරීමේ පූජ්‍ය මහෝත්සවයට එක්වෙමින් නාහිමියෝ මේ බව පැවැසූහ‍. රුවන්මැලි මහසෑයේ  වසර අසූවක් තැන්පත්කර තිබූ පැරණි චූඩාමාණික්‍ය මහජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන පරිදි සෑ […]