රුවන්මැලි මහ සෑයේ පැරණි චූඩාමාණික්‍යය රටට ත්‍රිවිධාකාරයේ විටිනාකමක් ලබාදෙන බව රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නුවරකලාවියේ ප්‍රධාන සංඝනායක නාහිමියෝ පැවැසූහ. පැරණි චූඩා මාණික්‍ය මහ සෑ මළුවේ මහජන ප්‍රද්ශනය සඳහා තැන්පත්කිරීමේ පූජ්‍ය මහෝත්සවයට එක්වෙමින් නාහිමියෝ මේ බව පැවැසූහ.
රුවන්මැලි මහසෑයේ වසර අසූවක් තැන්පත්කර තිබූ පැරණි චූඩාමාණික්‍ය මහජනතාවගේ වන්දනාමානයට පාත්‍ර වන පරිදි සෑ මළුවේ ඊයේ (18) සවස තැන්පත් කෙරීනි.
මහ සෑයේ නව ප්රතිසංස්කරණයෙන් පසු 1940 වසරේ දී බුරුම රජයෙන් ලැබුණු මෙම චූඩා මාණික්‍ය කොතෙහි තැන්පත් කරනු ලැබිණි. කාලානුරූපීව එහි ඇතිවූ දුර්වලතා හේතුවෙන් ‘විශ්ව පාරමී‘ සංවිධානයේ අනුග්‍රයෙන් නව චූඩාමාණික්‍ය තැන්පත් කෙරුණේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දීය.
පැරණි චූඩාමාණික්‍ය පිළිඹබිඹු කරන බුරුම රට හා ඇති ඓතිහාසික රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධය,කෞතුක වටිනාකම, මූල්‍ය වටිනාකම හා පූජනීයත්වය සලකා මෙම පැරණි චූඩාමාණික්‍ය පූජනීයත්වයෙන් තැන්පත්කළ බව රුවන්මැලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේතම හේමරතන නාහිමියෝ පවසති.
‘‘මීට අවුරුදු අසූවකට ඉස්සර වෙලා 1940 ජූනි 17 වැනිදා රුවන්වැලි මහ සෑයේ නව ප්රතිශංස්කරණවලින් පසු මේ චූඩාමිණික්යය මහ සෑයේ පළඳවනු ලැබුවා.
ඊයේ සිට මහසෑ මළුවේ පැවැති ආගමික වතාවත් හා පිරිත් දේශනා මධ්‍යයේ එම චූඩා මාණික්‍ය ඊයේ තැන්පත් කෙරුණේ මහසෑමළුවේ දකුණු දිශාවේ ඒ සඳහාම ඉදිකර ඇති විචිත්‍රවත් සුගන්ධ කුටියේ ය. ඒ සඳහා වූ විශේෂිත පූජෝත්සවය අද පස්වරුවේ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් ප්‍රධාන මහසසඟරුවන එක්ව පැවැත්වූහ. විශ්ව පාරමී සංවිධානයේ ප්‍රධානී ප්‍රභාත් නානායක් කාර මහතා ඇතුළු එම සාමාජිකයින් හා සීමිත සැදැහැවතුන් පිරිසක් එම අවස්ථාවට එක්වූහ.
අනුරාධපුර වික්‍රම රලපනාව