කොරෝනා වෛරසය පැතිරීම වැළක්වීම සඳහා ලොව ප්‍රධාන පෙළේ ගුවන් සේවා සමාගම් විසින් ගුවන් ගමන්වලදී මගීන්ට මත්පැන් හා වෙනත් පාන වර්ග පිළිගැන්වීම දැනටමත් නතර කිරීමට පියවර ගෙන තිබේ.
මෙසේ පාන වර්ග ගුවන් මගීන්ට පිළිගැන්වීම නතර කිරීමට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ස්පර්ශ කළ මතුපිටක වම වෛරසය රැඳී පැවතිය හැකි බැවින් පාන වර්ග යොදනකෝප්ප ,ඇසුරුම් මෙන්ම එම පාන වර්ග පානය කිරීම සඳහා භාවිත කරන ස්ට්‍රෝ වැනි මාධ්‍යයන් හරහාද කොරෝනා වෛරසය පැතිර යාමට ඉඩ පැවතීම නිසා බව ගුවන් සේවා සමාගම් පවසති.
මේ අනුව ඇමරිකාවේ ඩෙල්ටා ගුවන් සේවය එරට තුළ ගුවන් ගමන්වලදී සිය ගුවන් යානාවල මගීන්ට පානයක් වශයෙන් පිළිගන්වනුයේ බෝතල් කළ ජලය පමණක් වන අතර වර්ජින් ඇට්ලන්ටික් ,වර්ජින් ඕස්ට්‍රේලියා ,කේ.එල් එම් ,බ්‍රිතාන්‍ය ගුවන් සේවය හා ඊසි ජෙට් යන ගුවන් සේවාවන්ද මත්පැන් ගුවන් මගීන්ට පිළිගැන්වීම මේ වන විට නතර කර තිබේ.
ගුවන් ගමන් නැවත ආරම්භ වන විට ගුවන් ගාස්තු පහත වැටීම වෙනුවට, අවම වශයෙන් 50% කින් ඉහළ යා හැකි බව ගෝලීය ගුවන් සේවා කර්මාන්තය අනතුරු අඟවයි.ගුවන් යානා ඉක්මනින් නැවත ගුවන්ගත කිරීමට ගුවන් සමාගම් උනන්දු වීම තුළින් ඔවුන්ගේ ධාරිතාව ඉක්මවා කටයුතු කිරීමට සිදුවන බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (Iata) පවසයි.මගීන්ගේ ඉල්ලුම අඩු මට්ටමක පැවතීමත් සමග ගුවන් ගමන් පිරිවැය අඩු කිරීම සඳහා අදාළ සමාගම්වලට පීඩන එල්ල වනු ඇත.
නමුත් ගුවන් සමාගම්වලට සිය ගුවන් යානාවල මැද ආසන හිස්ව තබා ගැනීමට නියෝග කළහොත් ඔවුන්ට ගුවන් ගාස්තු සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට සිදු වේ.සමාජ දූරස්ථභාවය පවත්වාගැනීමේ වර්තමාන යෝජනාව යටතේ, ගුවන් සමාගම්වලට ඔවුන්ගේ ගුවන් යානාවල මැද ආසන හිස්ව තබා ගැනීමට ලැබී ඇති උපදෙස් නිසා මගීන් සංඛ්‍යාව අවම කිරීමට සිදු වේ. මෙය ඔවුන්ගේ ආදායමට විශාල බලපෑමක් එල්ල කරනු ලබයි.රයන් එයාර් ගුවන් සමාගමේ ප්‍රධානියා වන මයිකල් ඕ ලෙයරි පැවසුවේ මැද ආසන හිස්ව තබා ගැනීම “මෝඩ ක්‍රියාවක්” බවය.