2011 ලෝක කුසලානය වික්කා – මහින්දානන්ද

ඉන්දියාවේ සත්කාරකත්වයෙන් 2011 වසරේ පැවැති ඉක්දින ලෝක කුසලානයේ අවසන් මහ තරගය පාවාදීමක් සිදුව ඇති බව හිටපු ක්‍රී අමාත්‍යවරයෙක් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවැසීය.

සිරස රූපවාහිනිය හා වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව අද (18දා) සඳහන් කළේය“මම අද කියනවා 2011 ලෝක කුසලානය වික්කා කියලා. මම අද ඉන්නවා එතන. මම ඒක වගකීමෙන් කියන්නේ. ඒකට තියෙනවා (සාක්ෂි). මම ඒක රටක් හැටියට හෙළි කරන්න කැමති නෑ.

මම කියන්නේ 2011 ද 2012 ද මට අවුරුද්ද මතක නෑ අපිට ඉන්දියාවත් එක්ක ගහන්න තිබ්බ තරගය මම කියනවා අපි පාවාදීමක් කළා කියලා.මට දැනෙනවා ඒ ඇගන. මට ඒ ගැන විවාදයක් කරන්න පුළුවන්. මට ඒ ගැන කථා කරන්න පුළුවන්. එ් පිළිබඳව ජනතාව අතර විශාල කතාවක් තිබෙනවා.

මම මේකට ක්‍රීඩකයන් සම්බන්ධ කර ගන්නේ නෑ. හැබැයි යම්කිසි පාර්ශ්වයන් විසින් මේකට සම්බන්ධවෙලා කටයුතු කළා”

2011 වසරේ පැවැති එක්දින ලෝක කුසාලානයේ අවසන් මහ තරගය මුදලට විකුණා ඇති බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය ගැන හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන සිය ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු විමසන්නේ ඒ සම්බන්ධයෙන් සාක්ෂි තිබේද? නම් කවරේද? යන්නයි. එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කුමාර් සංගක්කාර කටයුතු කළ අතර අවසන් තරගයේදී මහේල ජයවර්ධන ශතකයක්ද වාර්තා කළේය.

එසේම මැතිවරණයක් පවතින අවස්ථාවක සර්කස් ආරම්භ වී ඇති බවට පෙනෙන්ට ඇති බවත් මහේල සිය ට්විටර් ප්‍රකාශයෙන් සඳහන් කරයි.

Next Post

ලංගම - පෞද්ගලික බස් වල යන ඔබට සුබ ආරංචියක් මෙන්න

Fri Jun 19 , 2020
ලංගම හා පුද්ගලික බස් රථ සම්බන්ධව මගින්ට ජංගම දුරකථන යෙදවුමක් Passenger App හඳුන්වා දීමට ජාතික ගමනාගමන කොමිසම විසින් පියවර ගෙන තිබේ. ඇතැම් පුද්ගලික බස් රථ  මන්දගාමීව ධාවනය වීම නිසා මගීන්ට සිදුවන   හිරිහැර මෙන්ම අධික වේගයෙන් ධාවනය වීම නිසා ද සිදුවන අනතුරු වලක්වා ගැනීම සඳහාත් මගී ජනතාවගේ කාලය කළමනාකරණය සඳහාත් ජංගම […]

Breaking News