ගෝඨාට මෛත්‍රීගේ වාර්තාව කඩන්න බැරි වෙයි – රට විනාශ කළ මෛත්‍රි යළි පාර්ලිමේන්තුවට ගේන්න එපා පොහොට්ටුවෙන් නිවේදනයක්

හිටපු මහබැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් මහතා අර්ජන් ඇලෙක්සැන්ඩර් ලෙස තමන්ගේ නම වෙනස් කර ගැනීමත් සමග ඔහුව සිංගප්පූරුවේ සිට නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා යළිත් වතාවක් ලියකියවිලි සකස්කරන්නට වේදෝයි බොහෝ දෙනා අතර කතා බහක් ඇති විය.

මෙම ලියකියවිලි සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇඟිල්ලේ කරගැට එනතුරු අත්සන් 21000 ක් ගැසූ බව පසුගිය දා අනාවරණය කළේය. මේ නිසා ඇතැමෙකු ගේ අදහස වූයේ අර්ජුන් මහේන්ද්‍රන් තමන්ගේ නම වෙනස් කරගැනීමෙන් පසුව වර්තමාන ජනාධිපතිවරයා වන ගෝඨාභය රාජපක්ෂ මහතාටද ඇගිල්ලේ කරගැට එනතුරු අත්සන් ගැසීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත් ඊයේ(16දා) අධිකරණයේ දී අනාවරණය වූයේ උදර්පන නීතිය අනුව අර්ජන් ඇලෙක්සැන්ඩර් මහතා නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා අලුතින් ලියකිවිලි සකස් කිරීමට දැනට අවශ්‍යතාවයක් නොවන බව සිංගප්පූරුවේ නීතිපතිවරයා ශ්‍රී ලංකාවේ නීතිපතිවරයාට දන්වා ඇති බවයි.මේ අනුව හිටපු ජනපති මෛත්‍රීගේ අත්සන් 21000 වර්තාව කැඩීමට වර්තමාන ජනපති ගෝඨාභයට අවස්ථාවක් නොලැබෙන බව තහවුරු වී තිබේ.

රටට කළ විනාශය නිසා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට නැවත ඡන්දය දී පාර්ලිමේන්තු නොයවන ලෙස තමන් පොළොන්නරු ජනතාවගෙන් ඉල්ලා සිටින බව සංචාරක හා ආයෝජන ප්‍රවර්ධන ගුවන් සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසීය.

මෙවර මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ අතහැර නොයන අයට ඡන්දය දිය යුතු බවද ශ්‍රී ලනිපයේ උදවිය මෛත්‍රි ෆොටෝ අතහැර මහින්ද මහතාගේ ෆොටෝ ගහගෙන එන බවද ඔවුන්ගෙන් ප්‍රවේශම් විය යුතු බවද පාර්ලිමේන්තුවේ මුදලට විකිණෙන්නට කිසිවකුට ඉඩ නොදී රට ගැන හිතා මෙවර මනාපය දිය යුතු බවද ඔහු කීය.

රන්තැටියාව, රන්තරු උත්සව ශාලාවේ පැවැති රැස්වීමකදී ඇමැතිවරයා මේ බව කීවේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගම දැනුවත් කරමු – යළිත් අපි නැඟිටිමු” රැස්වීම් මාලාවේ බිංගිරිය ආසනයේ රැස්වීම අමතමින් වැඩිදුරටත් රණතුංග මහතා මෙසේද කීවේය.

මෛත්‍රි – රනිල් කියන්නේ එළ හරකයි – මී හරකයි වගේ. රට දෙපැත්තට ඇද්දා. රටේ දේශපාලන ස්ථාවරය නැති කළා. ආයෝජකයෝ රටට ආවේ නෑ. ආව ආයෝජකයන්ගෙන් මුන් කප්පම් ඉල්ලුවා. මහ බැංකුව මහ දවාලේ එළිපිට හොරකම් කළා. සමලිංගික පනත් පාර්ලිමේන්තුවට ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, බෞද්ධ ආගමට විරුද්ධ අණ පනත් ගෙනාවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවේ අන්තවාදීන්ගේ වුවමනාවටය.

යහපාලන ආණ්ඩුව පාස්කු ප්‍රහාරය ගැන කමිටුවක් පත් කළේ චෝදනා එල්ල වූ සිය ගජමිතුරන්ට සුදුහුනු ගෑමටයි.බැරිවෙලා හරි මේ කොරෝනා එන වෙලාවේ රනිල් – මෛත්‍රි ජෝඩුව බලයේ හිටියා නම් මේ රටට අබ සරණයි. එහෙනම් මෛත්‍රි රටේ කොරෝනා රෝගීන් ගැන දැන ගන්නේ පත්තරෙන්. රනිල් කොමිසමක් ඉල්ලයි. කොමිසම හොයන්නේ කොරෝනා ගැන නෙමෙයි. කොරෝනා මුල අකුර සී ද කේ ද කියලයි. ඇමෙරිකාවේ ලක්ෂ ගාණක් මැරුණා. අපේ එහෙම මැරුණේ නෑනේ කියයි. රටේ වාසනාවට තමයි කොරෝනා එනකොට රනිල් – මෛත්‍රි ඩබල නොහිටියේ.

Next Post

සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා

Wed Jun 17 , 2020
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නව තනතුරු සිරිකොතේ දොර වසාගෙන පත් කර ඇතැයි එම සංගමයේ හිටපු මහ ලේකම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ හෝ සිරිකොතේ බූදලයක් නොවන බවත් ඒ සඳහා වෙනම නිලධාරි මණ්ඩලයක් සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයක් සිටින බවත් […]

Breaking News