සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා

ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නව තනතුරු සිරිකොතේ දොර වසාගෙන පත් කර ඇතැයි එම සංගමයේ හිටපු මහ ලේකම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය.

ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ හෝ සිරිකොතේ බූදලයක් නොවන බවත් ඒ සඳහා වෙනම නිලධාරි මණ්ඩලයක් සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයක් සිටින බවත් වඩිවෙල් සුරේෂ් මහතා සඳහන් කළේය.

ඇතුළුකෝට්ටේ සමගි ජන බලවේගය පක්ෂ කාර්යාලය  අද(17) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ලංකා ජාතික වතු කම්කරු සංගමය වතු කම්කරුවන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් විශාල සේවයක් සිදු කර ඇති බවත් ඉදිරියේ දී එම කටයුතු සිදු කිරීම සඳහා සඳහා කැපවන බව ද ඔහු සඳහන් කළේය.

සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ වතු කම්කරුවන්ට රැවටූ බවත් ඔවුන්ට ඇති එකම විශ්වාසය බවට ජාතික සමගි ජන බලවේගය පත්ව ඇති බවද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවක් පිහිටවූ පසු වතු කම්කරුවන්ට රුපියල් 1,500 ක දෛනික දීමනාවක් ලබාදීම වෙනුවෙන් කැපවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 

මෙහිදී හිටපු අමාත්‍ය වඩිවෙල් සුරේෂ් මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් වරයටද දැඩි චෝදනා එල්ල කල අතර පක්ෂය මේ ආකාරයෙන් පරිහානියට පත් වීම පිලිබදව හිටපු අධ්‍යාපන අමාත්‍ය,පක්ෂ මහලේකම් අකිල කාරියවසම් සෘජුව වගකිව යුතු බව ප්‍රකශ කළේය

Next Post

යුරෝපා රටවල් දෙකක් ඇතුළුව රට රැකියා ලබා දීම අද සිට - රට යන අයට තමන්ගේ ගිණුමට රජයෙන් තැම්පතුවක්

Wed Jun 17 , 2020
විදේශ රැකියා අපේක්ෂා කරන සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ප්‍රේෂණ තැන්පතු ගිණුමක් රජයේ මූලික තැන්පතුවක් සහිතව හඳුන්වා දීමට විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සූදානම් වේ. මේ සඳහා රුපියල් මිලියන පනහක මුදලක් රජය වෙන් කර තිබේ. ඒ අනුව ඉදිරියේ දී විදේශ ගතවීමට සූදානම් වන ශ්‍රී ලාංකිකයන් ඉලක්ක කරගනිමින් ඔවුන් වෙනුවෙන් වෙන්වෙන්ව ගිණුම් විවෘත […]

Breaking News