ඉන්දියාවේ ආසාදිතයන් කොරිඩෝවල – ශ්‍රී ලාංකිකයන්ට දුන්න අනතුරු ඇගවීම මෙන්න

ඉන්දියාවේ අගනුවර රෝහල් ඇඳන්වලින් ඉවත් කරන නව කොරෝනා රෝගීන්ගේ මළ සිරුරු තැන්පත් කිරීමට මෘත ශරීරාගාර ප්‍රමාණවත් නොවීමෙන්, ඒවා රෝහල් ලොබිවල ගොඩගැසී ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවේ සාප්පු සංකීර්ණ සහ ආගමික සිද්ධස්ථාන යළි විවෘත කිරීම සඳහා සූදානමක් පැවතියත්, ඒ සම්බන්ධයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබුණේ, මෙවැනි ලිහිල් තත්ත්වයකට රට තවම සූදානම් නොමැති බවට අනතුරු අඟවමිනි.

ඉන්දියාවේ ඇතැම් ආසාදිතයන්ගේ පවුල්වල සාමාජිකයන් චෝදනා කරමින් පවසන්නේ, තම රෝගියා වෙනුවෙන් ඇඳක් ලබාගැනීමට ගියවිට රෝහල්වලින් තමන්ව එලවා ගන්නා බවටය. රෝහල්වල කොරිඩෝ දිගේ නොසලකිලිමත් ලෙස රෝගීන් ගොඩගසා ඇති බවටද චෝදනා පවතී. මෙවැනි වාතාවරණයක රෝහල් ලොබිවල මළ සිරුරුද ගොඩගසා තිබීම සෞඛ්‍ය තර්ජනය දෙගුණ තෙගුණ කරන්නක් බව ප්‍රාදේශීය මාධ්‍ය අනාවරණය කරයි.

මීට මාසයකට පෙර දිල්ලියේ මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල් පැවසුවේ නගරයේ රෝහල් වෛරසයට එරෙහිව සටන් කිරීමට හොඳින් සන්නද්ධව සිටින බවය. “දිල්ලිය දිනනවා. කොරෝනා පරදිනවා” ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගෙන් ප්‍රකාශ ලබාගැනීමට මාධ්‍ය කොතරම් උත්සාහ කළත් මහ ඇමතිවරයා, ඔහුගේ කාර්යාලය හෝ නගරයේ සෞඛ්‍ය බලධාරීන් පිළිතුරු සැපයීමට ඉදිරිපත් නොවෙයි.

ඉන්දියාවෙන් අද (17) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 2,000ක් වාර්තා විය. පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන එය වූ අතර එම සංඛ්‍යාව 2, 003ක් ලෙස දැක්විණි.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 11,903ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 3,54,065කි. එරට විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ ගණන 1,55,227ක් වන අතර වයිරසය ආසාදනය වූ සුව වූ ගණන 1,86,935කි.

ලොව සිවුවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අසල්වැසි ඉන්දියාවෙනි.

ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයයි. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ නව කොරෝනා ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,13,445ක් විය. තමිල්නාඩු ප්‍රාන්තයෙන් ආසාදිතයන් 48,019දෙනකු, දිල්ලියෙන් ආසාදිතයන් 44,688 දෙනකු සහ ගුජරාට් ප්‍රාන්තයෙන් ආසාදිතයන් 24,577 දෙනකු හඳුනාගෙන තිබිණි.කොවිඩ් වසංගත සමයේදී නීතිවිරෝධී අයුරින් පුද්ගලයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්වීම සඳහා නාවික හමුදාව කටයුතු කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පැවැසීය.

“රජය විසින් කොවිඩ් වසංගතය මැඩලීමේ සඳහා නාවික හමුදාව යොදා ගත්විට මුහුදු මාර්ගයෙන් කොවිඩ් ආසාදිතයන් ශ්‍රී ලංකාවට පැමිණීම වැළැක්විම සඳහා සුවිශේෂී මෙහෙයුම් රාශියක් කළා.

රජය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ වරායවල් හා ගුවන් තොටුපොළවල් වලින් මගීන් රටට ගැනීම වැළැක්වූ මොහොතේ පටන් මෙම ක්‍රියාදාමයන් අපි ආරම්භ කර තිබුණා.

නීතිමය අයුරින් රටට ඇතුළුවීම වැළැක්වීම වෙනුවෙන් කටයුතු කර තිබෙන අවස්ථාවක නීති විරෝධී අයුරින් රටට ඇතුළුවීම රටට ඇතුවවීමේ කාරණාව හඳුනාගෙන නාවික හමුදාවේ යාත්‍රා මුහුදු තීරයේ ස්ථාපිත කිරීමටත්, ජාත්‍යන්තර මුහුදු සීමාවේ පවා අපෙ නෞකා මෙහෙයුම් සිදුකරමින් විධිමත් ආකාරයට ශ්‍රී ලංකා මුහුදු තීරයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළා.”

මේ වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා උවදුර සාර්ථකව පාලනය කර ඇති හෙයින් ශ්‍රී ලංකාව අවට මුහුදේ නිදහසේ ධීවර කටයුතු කිරීමට අවස්ථාව සැලසී ඇති නමුත් ඉන්දියාව තුළ කොරෝනා රෝගය සීඝ්‍රයෙන් පැතිරයාම හේතුකොට ගෙන එහි රෝගීන් දිනෙන් දින ඉහළ යන බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවැසීය.

එම නිසා ඉන්දියාව අවට සාගරයේ ධීවර කටයුතු වල යෙදෙන ධීවරයින් ඒ පිළිබඳව ඉතාමත්ම සැලකිලිමත් වී තම කර්මාන්තය කළ යුතු අතර ඉන්දියාවේ සිටින තම ඥාතීන් යාත්‍රාවට නංවා ගැනීම, ආහාර පාන හුවමාරු කරගැනීම කිසිදු ලෙසකින් සිදු කර නොගන්නා ලෙසද අමාත්‍ය ඩග්ලස් දේවානනදා මහතා ඉල්ලා සිටි.

ශ්‍රී ලංකා රජයත්, සෞඛ්‍ය අංශයත්, ධීවර දෙපාර්තමේන්තුවත් ලබා දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කොට මෙම කොරෝනා වෛරස් රෝගයෙන් මෙරට ධීවර ප්‍රජාව හා ඔවුන්ගේ පවුල්වල සියලුදෙනාත් සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කර ගැනීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

Next Post

සිරිකොතේ දොර වසාගෙන නව තනතුරුවලට පත්කරලා

Wed Jun 17 , 2020
ලංකා ජාතික වතු කම්කරු සංගමයේ නව තනතුරු සිරිකොතේ දොර වසාගෙන පත් කර ඇතැයි එම සංගමයේ හිටපු මහ ලේකම් බදුල්ල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා පැවසීය. ලංකා ජාතික වතු කම්කරු සංගමය එක්සත් ජාතික පක්ෂයේ හෝ සිරිකොතේ බූදලයක් නොවන බවත් ඒ සඳහා වෙනම නිලධාරි මණ්ඩලයක් සහ කෘත්‍යාධිකාරි මණ්ඩලයක් සිටින බවත් […]

Breaking News